2 රාජාවලිය 6:8-23

2 රාජාවලිය 6:8-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙකල අරාම්හි රජු ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කළේ ය. ඔහු තම නිලධාරීන් සමඟ සාකච්ඡා කර, “මම අහවල්, අහවල් තැන්වල මගේ කඳවුර පිහිටු වන්නෙමි” යි පැවසී ය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල් රජු වෙත පණිවුඩය යවමින්, “අසවල් තැන පසු කර නො යන්නට වග බලා ගන්න. මන්ද අරාම්වරු ඒ ස්ථානයට බැස එන්නෝ යැ” යි දැන්වී ය. එබැවින් ඉශ්‍රායෙල් රජු, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් අනතුරු අඟවන ලද ස්ථානය පරීක්ෂා කරවී ය. එලීෂා කීප විටක් රජුට අනතුරු ඇඟවූයෙන්, ඔහු ඒ ඒ තැන් මග හැර සිටියේ ය. මෙයින් අරාම්හි රජු කෝපයට පත් විය. ඔහු තම නිලධාරීන් කැඳවා, “අප අතරෙන් ඉශ්‍රායෙල් රජුට පක්ෂපාතී ව සිටින්නේ කවුරු ද කියා නුඹලා මට කියන්නේ නැද්දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහුගේ නිලධාරීන්ගෙන් කෙනෙක් කතා කරමින්, “එහෙම නො වෙයි මගේ ස්වාමි රජතුමනි, ඔබේ යහන් ගැබේදී ඔබ පවසන හැම වචනයක් ම ඉශ්‍රායෙල් දිවැසිවර එලීෂා ඉශ්‍රායෙල් රජුට කියන්නේ යැ” යි පැවසී ය. රජු කතා කොට, “යන්න, ඔහු කොතැනක සිටිනවාදැයි සොයා දැනගන්න. එවිට මිනිසුන් යවා මට ඔහු අල්ලා ගත හැකි යැ” යි නියෝග කළේ ය. “එන්න, ඔහු දොතාන්හි සිටිති” යි රජුට දන්වන ලදී. එවිට ඔහු අශ්වයින් ද රථ ද විශාල සේනාංකයක් ද එහි යැවී ය. ඔවුහු රාත්‍රියේ පිටත් ව ගොස්, පුරවරය වටලා ගත්හ. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය. “භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය. එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය. අරාම්වරු තමා දෙසට එන විට එලීෂා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “මේ ජනයාට අන්ධභාවයෙන් පහර දෙන්නැ” යි පැවසී ය. එබැවින් එලීෂා ඉල්ලූ පරිදි උන්වහන්සේ ඔවුන් අන්ධ කළ සේක. එලීෂා ඔවුන් අමතමින්, “මේක නො වෙයි පාර. පුරවරයත් මේක නො වෙයි. එන්න මා පස්සෙන්; ඔබ සොයන මනුෂ්‍යයා වෙත මම ඔබ ගෙන යන්නම්” යි පැවසී ය. ඔහු ඔවුන් සමාරිය වෙත ගෙන ගියේ ය. ඔවුන් සමාරිය පුරවරය වෙත ඇතුල් වූ කල එලීෂා, “ස්වාමින්වහන්ස, දකින පිණිස දැන් මොවුන්ගේ ඇස් ඇරිය මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ඇස් විවර කළ සේක. ඔවුහු බැලූ කල, තමන් සමාරිය මැද සිටින වග දුටුවහ. ඉශ්‍රායෙල් රජු ඔවුන් දුටු විට, “මා ඔවුන් මරන්න ද? මගේ පියාණෙනි, මා ඔවුන් මරන්න දැ?” යි එලීෂාගෙන් ඇසී ය. “ඔවුන් මරන්නට එපා; ඔබේ කඩුවෙන් හෝ දුන්නෙන් අල්ලා ගත් අය ඔබ මරනවා ද? ඔවුන් කා බී ඔවුන්ගේ ස්වාමියා වෙත ආපසු යන පිණිස ඔවුන් ඉදිරියේ කෑම ද වතුර ද තබන්නැ” යි පැවසී ය. එබැවින් ඔහු ඔවුන් උදෙසා මහා භෝජන සංග්‍රහයක් සූදානම් කළේ ය. ඔවුන් කා බී නිම වූ පසු ඔහු ඔවුන් පිටත් කොට යැවී ය. ඔවුහු තම ස්වාමියා වෙත ආපසු ගියහ. එබැවින් අරාම් භට කණ්ඩායම් ඉශ්‍රායෙල් පළාත ආක්‍රමණ කිරීම නැවතිණ.

2 රාජාවලිය 6:8-23 Sinhala Revised Old Version (SROV)

සිරියේ රජ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණයකරමින්: අසවල් අසවල් තැන මාගේ කඳවුර විය යුතුයයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: සිරියවරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනවැයි ඉශ්‍රායෙල් රජුට කියා ඇරියේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තමාට ප්‍රවේසම්වෙන්ට කියා දැනුම්දුන් ස්ථානයට ඉශ්‍රායෙල් රජ මනුෂ්‍යයන් යවා ගැළවීගත්තේය; එසේ වුණේ වරක් දෙවරක් පමණක් නොවේය. මේ කාරණය ගැන සිරියේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා: අපෙන් ඉශ්‍රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවුද කියා නුඹලා මට දන්වන්නේ නැද්දැයි කීවේය. ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය. එවිට ඔහු: මා විසින් ඔහු ගෙන්වා ගන්නා පිණිස ඔහු කොතනද කියා නුඹලා ගොස් බලන්නැයි කීවේය. ඔහු දෝතාන්හි සිටින්නේයයි ඔහුට දන්වන ලද්දේය. එබැවින් ඔහු අශ්වයන්ද රථද මහත් හමුදාවක්ද එහි ඇරියේය. ඔව්හු රාත්‍රියේ ඇවිත් නුවර වටලාගත්තෝය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුයම නැගිට පිටතට ගිය කල හමුදාවක් අශ්වයන් හා රථ ඇතුව නුවර වටේට සිටිනවා දුටුවේය. එවිට ඔහු: අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි ඔහුට කීය. ඔහුද: භයනොවන්න. මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය. එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. ඔවුන් එලිෂා ළඟට බැස්ස කල ඔහු: මේ සෙනඟ අන්ධකළ මැනවයි ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. උන්වහන්සේ එලිෂාගේ වචනය ලෙස ඔවුන් අන්ධකළසේක. එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ,ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, නුඹලා සොයන මනුෂ්‍යයා ළඟට මම නුඹලා ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය. තවද ඔවුන් සමාරියට පැමුණුණ විට එලිෂා: ස්වාමීන්වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදුසේක; ඔව්හු බැලූ විට තමුන් සමාරිය මැද සිටින බව දුටුවෝය. ඉශ්‍රායෙල් රජ ඔවුන් දැක: මාගේ පියාණෙනි, ඔවුන්ට පහරදෙම්ද? පහරදෙම්දැයි එලිෂාගෙන් ඇසුවේය. ඔහු: නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය; නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තැනැත්තන්ට නුඹ පහරදෙන්නෙහිද? ඔවුන් කා බී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියෙහි කෑමද වතුරද තබන්නැයි කීවේය. ඔහු ඔවුන්ට මහත් කෑමක් පිළියෙළ කෙළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔහු ඔවුන් පිටත්කර හැරියේය, ඔව්හු තමුන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඉශ්‍රායෙල් රටට නාවෝය.

2 රාජාවලිය 6:8-23 Sinhala New Revised Version (NRSV)

සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය. මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය. ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය. එවිට ඔහු කතා කොට, “මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය. “ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී. එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය. ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක. එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය. තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය. ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය. ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය. ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.

2 රාජාවලිය 6:8-23 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 6:8-23 New International Version (NIV)

Now the king of Aram was at war with Israel. After conferring with his officers, he said, “I will set up my camp in such and such a place.” The man of God sent word to the king of Israel: “Beware of passing that place, because the Arameans are going down there.” So the king of Israel checked on the place indicated by the man of God. Time and again Elisha warned the king, so that he was on his guard in such places. This enraged the king of Aram. He summoned his officers and demanded of them, “Tell me! Which of us is on the side of the king of Israel?” “None of us, my lord the king,” said one of his officers, “but Elisha, the prophet who is in Israel, tells the king of Israel the very words you speak in your bedroom.” “Go, find out where he is,” the king ordered, “so I can send men and capture him.” The report came back: “He is in Dothan.” Then he sent horses and chariots and a strong force there. They went by night and surrounded the city. When the servant of the man of God got up and went out early the next morning, an army with horses and chariots had surrounded the city. “Oh no, my lord! What shall we do?” the servant asked. “Don’t be afraid,” the prophet answered. “Those who are with us are more than those who are with them.” And Elisha prayed, “Open his eyes, LORD, so that he may see.” Then the LORD opened the servant’s eyes, and he looked and saw the hills full of horses and chariots of fire all around Elisha. As the enemy came down toward him, Elisha prayed to the LORD, “Strike this army with blindness.” So he struck them with blindness, as Elisha had asked. Elisha told them, “This is not the road and this is not the city. Follow me, and I will lead you to the man you are looking for.” And he led them to Samaria. After they entered the city, Elisha said, “LORD, open the eyes of these men so they can see.” Then the LORD opened their eyes and they looked, and there they were, inside Samaria. When the king of Israel saw them, he asked Elisha, “Shall I kill them, my father? Shall I kill them?” “Do not kill them,” he answered. “Would you kill those you have captured with your own sword or bow? Set food and water before them so that they may eat and drink and then go back to their master.” So he prepared a great feast for them, and after they had finished eating and drinking, he sent them away, and they returned to their master. So the bands from Aram stopped raiding Israel’s territory.