2 රාජාවලිය 6:14-17

2 රාජාවලිය 6:14-17 SCV

එවිට ඔහු අශ්වයින් ද රථ ද විශාල සේනාංකයක් ද එහි යැවී ය. ඔවුහු රාත්‍රියේ පිටත් ව ගොස්, පුරවරය වටලා ගත්හ. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය. “භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය. එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය.