2 රාජාවලිය 4:11-17
2 රාජාවලිය 4:11-17 SCV
දිනක් එහි පැමිණි එලීෂා එම කාමරයට ගොස්, එහි වැතිරුණේ ය. ඔහු තම සේවක ගෙහාසී අමතමින්, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු ඇයට හඬ ගැසූ බැවින්, ඈ ඔහු ඉදිරියේ සිටගත්තා ය. එලීෂා ඔහු අමතා, “ඇයට මෙසේ කියන්න. ‘ඔබ අප නිසා මේ සියලු කරදර විඳී. ඔබ උදෙසා අපට කළ හැක්කේ කවරක් ද? ඔබ වෙනුවෙන් රජුට හෝ හමුදාපතිට හෝ කතා කරන්න දැ?’ යි” පැවසී ය. ඈ පිළිතුරු දෙමින්, “මගේ ම ජනයා අතරේ නිවසක් මට තිබේ යැ” යි කීවා ය. “ඇය උදෙසා කළ හැක්කේ කුමක් දැ?” යි එලීෂා ඇසී ය. ගෙහාසී පිළිතුරු දෙමින්, “ඇයට පුතකු නැත. ඇගේ සැමියත් මහලු යැ” යි කී ය. එවිට එලීෂා, “ඇයට හඬ ගසන්නැ” යි කී ය. එසේ ඔහු ඇයට හඬ ගැසූ කල, ඈ දොරකඩ සිටගත්තා ය. එලීෂා කතා කොට, “ලබන වසරේ මේ කාලය වන විට ඔබ පුතකු වැලඳ ගන්නවා ඇතැ” යි කීවේ ය. ඈ ඊට විරුද්ධ වෙමින්, “නැත මා ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසිය රවටන්න එපා යැ” යි කීවා ය. එහෙත් ඒ කාන්තාව ගැබ් ගත්තා ය. එලීෂා ඇයට කියා තිබූ පරිදි, ඊළඟ වසරේ එම කාලයේදී ඈ පුතකු බිහි කළා ය.

