මනස්සේ රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දොළහක් විය. ඔහු අවුරුදු පනස්පහක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හෙෆ්සීබා ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් පන්නා දමා තිබූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. ඔහු තම පියා වූ හෙසකියා විනාශ කර තිබූ උස් තැන් පුදසුන් යළි ඉදි කළේ ය. ඔහු ද බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්‍රායෙල් රජු වූ ආහාබ් කර තිබූ පරිදි අෂේරා කණුවක් සෑදී ය. ඔහු මුළු අහස් සේනාවට නමස්කාර කරමින්, ඒවාට මෙහෙ කළේ ය. “මගේ නාමය යෙරුසලමේ තබමි” යි ස්වාමින්වහන්සේ පවසා තිබූ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ඔහු පූජාසන ඉදි කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දෙමළුවේ ම සියලු අහස් සේනාවනට පූජාසන ඉදි කළේ ය. ඔහු තමාගේ ම පුත්‍රයා ගින්නෙන් යාග කොට, ශාස්ත්‍ර බැලීමෙහි ද නිමිති බැලීමෙහි ද නියැළුණේ ය. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් විමසී ය. ඔහු ස්වාමින්වහන්සේ කෝප කරවමින්, උන්වහන්සේගේ ඇස් හමුවෙහි බොහෝ නපුරු දේ කළේ ය. තමා සාදා තිබූ කැටයම් අෂේරා කණුව ඔහු ගෘහය තුළ පිහිටුවේ ය. ස්වාමින්වහන්සේ එම ගෘහය ගැන දාවිත්ටත්, ඔහුගේ පුත් සාලමොන්ටත් කතා කොට, “මේ ගෘහයෙහි ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ලෙන් මා තෝරාගත් යෙරුසලමෙහි ද මගේ නාමය සදහට ම තබන්නෙමි. මා අණ කළ සියල්ල කරන්නට ඔවුන් වග බලා ගන්නේ නම්, මගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් මුළු ව්‍යවස්ථාව ඔවුන් පිළිපදින්නේ නම් පමණක් ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයෙන් ඔවුන්ගේ පා මුළාව යන්නට මම ඉඩ නාරින්නෙමි” යි පවසා තිබිණ. එහෙත් ජනයා කන් දුන්නේ නැත. මනස්සේ ඔවුන් මුළා කරවී ය. එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිටින් විනාශ කර දමා තිබූ ජාතීන්ට වඩා ඔවුහු නපුරු දේ කළෝ ය. ස්වාමින්වහන්සේ තම සේවක දිවැසිවරුන් මගින් මෙසේ පැවසූ සේක: “යූදා රජු වූ මනස්සේ මේ සියලු පිළිකුල් පාප කළේ ය. ඔහුට පෙර සිටි අමෝරිවරුන්ට වඩා බොහෝ නපුරු දේ ඔහු කළේ ය. ඔහු තම දේව පිළිමවලින් යූදා ජනයා පාපයට ඇද දැමී ය. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මා යෙරුසලම හා යූදා වෙත පමුණු වන්නට යන විපත්තිය ගැන අසන සියල්ලන්ගේ කන් පුපුරු ගසනු ඇත. මම සමාරියට එරෙහිව භාවිත කළ මිනුම් ලණුව හා ආහාබ් වංශයට එරෙහිව භාවිත කළ ලඹය, යෙරුසලම පුරා ද දිග හරින්නෙමි. කෙනකු දීසියක් පිස දමා එය මුණින් හරවා තබන්නා සේ මම යෙරුසලම පිස දමන්නෙමි. මගේ උරුමයේ ඉතිරි ස්වල්ප දෙනා අතහැර, ඔවුන්ගේ සතුරු සියල්ලන් අතට මම ඔවුන් හසුකර දෙන්නෙමි. ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් කොල්ලකනු ලබන්නේ ය; පැහැර ගනු ලබන්නෝ ය. මන්ද ඔවුන් මගේ ඇස් හමුවෙහි නපුරු දෑ කර තිබේ. ඔවුන්ගේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට පැමිණි දවසේ සිට අද දවස දක්වා ඔවුන් මා කෝප ගැන්වී ය.” තවද මනස්සේ නිදොස් ලේ බොහෝ සේ වගුරුවා, එක් කොනක සිට අනෙක් කොන දක්වා යෙරුසලම ලෙයින් පිරවී ය. ඊට අමතරව ඔහු යූදා ජනයා පාපයට ඇද දැමූ බැවින් ඔවුහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළෝ ය. මනස්සේ සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඔහු කළ පාප ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? මනස්සේ තම පියවරුන් සමඟ සැතපී තම රජ මැදුරු උද්‍යානයේ හෙවත් උස්සාගේ උද්‍යානයේදී භූමදාන කෙරිණ. ඔහු වෙනුවට ඔහුගේ පුත් ආමොන් රජකමට පත් විය.
2 රාජාවලිය 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 21:1-18
4 Days
Find out from the Bible why procrastination results in peril.
21 Days
Tales of triumph and tragedy in the books of Samuel, Kings, and Chronicles. The history of Kings of Israel and Judah is a story of divine faithfulness despite human failure. These flawed rulers point us towards the one true faithful king. Part III covers the kings of Judah leading up to the exiles of Israel and Judah.
24 Days
What began as a victorious return to the land in Joshua ends in destruction, defeat, and exile in 2 Kings. The idolatry and sinfulness of Israel and Judah lead to their expulsion from the land - a final ignominy in a long history of unfaithfulness. Yet even in exile, God was preserving his people and the line of David for a future coming King, whose reign would know no end.
7 Days
Mesu Andrews, best-selling author of Isaiah’s Legacy, joins Bible teacher Shawna Duvall to explore the life of Manasseh. When Manasseh was taken captive by the Assyrians, he turned to Yahweh and ran into His open arms of redemption. Through Manasseh’s journey, we’ll discover Who Yahweh is and the crimson thread connecting Manasseh to Jesus. By exploring the chains binding Judah’s most notorious king, we’ll learn to live in unchained freedom.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ