එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය. එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය. යෙසායා මැද මිදුල හැර යන්නට පෙර ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: “ආපසු හැරී, මගේ ජනයාගේ පාලකයා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. මම ඔබ සුවපත් කරන්නෙමි. තුන් වන දිනයේදී ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන්නේ ය. මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මා නිසාත්, මගේ සේවක දාවිත් නිසාත් මම මේ පුරවරය සුරකින්නෙමි’ යි කියා කියන්නැ” යි ඉන් පැවසිණ. එවිට යෙසායා, “අත්තික්කා කැටියක් පිළියෙල කරන්නැ” යි පැවසී ය. ඔවුහු එය සාදා, එය ගඩුව මත තැවරී ය. ඔහු සුවපත් විය.
2 රාජාවලිය 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 20:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ