යූදාහි රජු වූ අහසියාගේ පුත් යෝවාෂ්ගේ විසිතුන් වන වසරේ යේහූගේ පුත් යෙහෝවාහාස් සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දාහතක් රජකම් කළේ ය. ඔහු ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාප අනුගමන කරමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු වූ දේ කළේ ය. ඔහු ඒවායින් ඉවත හැරුණේ නැත. එබැවින් ස්වාමින්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවිළිණි. උන්වහන්සේ අරාම්හි රජු වූ හසායෙල්ගේත්, ඔහුගේ පුත් බෙන්-හදද්ගේත් අත යටතේ දිගු කලක් ඔවුන් තැබූ සේක. ඉන්පසු යෙහෝවාහාස්, ස්වාමින්වහන්සේගේ පිහිට සෙවූ නිසා, ස්වාමින්වහන්සේ ඔහුට සවන් දුන් සේක. මන්ද අරාම්හි රජු කොතරම් තද ලෙස ඉශ්‍රායෙල්වරුන්ට පීඩා කරන්නේදැයි උන්වහන්සේ දුටු සේක. එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ට ගැලවුම්කරුවකු සපයා දුන් සේක. ඉන් නිසා ඉශ්‍රායෙල්වරු අරාම් බලයෙන් මිදී, පෙර පරිදි තම නිවෙස්වල වාසය කළහ. එහෙත් ඔවුහු ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ යෙරොබොවම් වංශයේ පාපවලින් ඉවත් නො වූහ; ඔවුහු දිගට ම ඒවායේ පැවතුණහ. අෂේරා කණුව ද සමාරියේ පිහිටුවා තිබිණි. යෙහෝවාහාස් රජුට තම හමුදාවේ අසරුවන් පනසකුත්, යුධ රථ දහයකුත්, පාබළ හමුදාව දසදහසකුත් හැරෙන්නට වෙන කිසිවක් ඉතිරි ව තිබුණේ නැත. මන්ද අරාම්හි රජු සෙසු සේනාංක වනසා දමා තිබුණේ ගොයම් මැඩීමේදී ඇති දූවිල්ල පරිදි කරමිනි. යෙහෝවාහාස් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? යෙහෝවාහාස් තම පියවරුන් සමඟ සැතපී, සමාරියේ භූමදාන කෙරිණ. ඔහුගේ පුත් යෝවාෂ් ඔහුට පසුව රජකමට පත් විය.
2 රාජාවලිය 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 13:1-9
24 Days
What began as a victorious return to the land in Joshua ends in destruction, defeat, and exile in 2 Kings. The idolatry and sinfulness of Israel and Judah lead to their expulsion from the land - a final ignominy in a long history of unfaithfulness. Yet even in exile, God was preserving his people and the line of David for a future coming King, whose reign would know no end.
26 Days
The Bible contains many inspiring stories from the life and work of Elisha the prophet. These stories show us who God is and how He works in amazing ways!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ