2 කොරින්ති 9:7-11

2 කොරින්ති 9:7-11 SCV

එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකැමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක. සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. ලියා ඇති පරිදි: “ඔහු නො මසුරු ව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.” වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයන තැනැන්වහන්සේ ඔබට වපුරන්නට බීජ බහුල කරන සේක්, ඔබේ ධර්මිෂ්ඨකමේ අස්වැන්න සරු සාර කරන සේක. ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින් ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත.

මෙයට අදාළ වීඩියෝ