2 කොරින්ති 9:6-9
2 කොරින්ති 9:6-9 SCV
මෙය සිහි තබා ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී. එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකැමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක. සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන. ලියා ඇති පරිදි: “ඔහු නො මසුරු ව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”









