2 ලේකම් 35
35
පාස්කුව පැවැත්වීම
1යොෂීයා යෙරුසලමෙහි ස්වාමින්වහන්සේට පාස්කුව පැවැත් වූයේ ය. පළමු මස දහහතර වන දින ඔවුහු පාස්කු බැටළු පැටවා මැරුවෝ ය. 2පූජක නිලවලට පූජකයින් පත් කළ ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ සේවාවනට ඔවුන් දිරිගැන්වී ය. 3ඉශ්‍රායෙල් සියල්ලනට ඉගැන්නුවා වූ ද ස්වාමින්වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුනට ඔහු මෙසේ කීවේ ය. “දාවිත්ගේ පුත්‍ර, ඉශ්‍රායෙල් රජු වූ සාලමොන් තැනූ ගෘහයේ ශුද්ධ කරඬුව තැන්පත් කරන්න; තවදුරටත් ඔබේ කරපිටින් එය රැගෙන යෑම අවශ්‍ය නැත. දැන්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට හා උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ට සේවය කරන්න. 4ඉශ්‍රායෙල් රජු වූ දාවිත්ගේ ලිඛිත නිර්දේශ හා ඔහුගේ පුත්‍ර සාලමොන්ගේ ලිඛිත නිර්දේශ අනුගමන කරමින්, ඔබේ පියවරුන්ගේ පෙළපත්වලට අනුව ඔබේ කාණ්ඩ සකසන්න.
5“ඔබේ සහෝදර ජනතාවගේ එක් එක් පිය පෙළපත් කණ්ඩායම් සඳහා ලෙවීවර පිය පෙළපත කණ්ඩායමක් ලෙස ශුද්ධස්ථානයේ ස්ථානගත වන්න. 6මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුකූලව කටයුතු කරමින්, ඔබේ සහෝදර ජනයා උදෙසා පාස්කු බැටළු පැටවුන් මරන්න; ඔබ ම පවිත්‍ර වන්න.”
7යොෂීයා රජු එහි සිටි සියලු ජනයාට පාස්කු පූජා සඳහා තමා සන්තකයෙන් එළු බැටළු රංචුවෙන් බැටළු පැටවුන් හා එළු පැටවුන් තිස්දහසක් ද ගවයින් තුන්දහසක් ද සැපයුවේ ය.
8ඔහුගේ නිලධාරීහු ද ජනතාවට, පූජකයින්ට හා ලෙවීයයනට ස්ව-කැමැත්තෙන් ම සම්මාදම් දුන්හ. දෙවියන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන නිල දරන්නන් වූ හිල්කීයා, සෙකරියා හා යෙහීයෙල් පාස්කු පූජා සඳහා බැටළු පැටවුන් දෙදහස් හයසියයක් ද ගවයින් තුන්දහසක් ද පූජකයිනට දුන්හ. 9තවද ලෙවීවරුන්ගේ ප්‍රධානීන් වූ කොනනියා ද ඔහුගේ සහෝදරයින් වූ ෂෙමායා හා නෙතනේල් ද හෂබියා, යෙයීයෙල් හා යෝසාබාද් ද පාස්කු පූජා සඳහා බැටළු පැටවුන් පන්දහසක් ද ගවයින් පන්සියයක් ද ලෙවීවරුනට දුන්හ.
10මෙහෙයය සූදානම් කරනු ලැබූ කල, රජුගේ අණ පරිදි පූජකයෝ තමන්ගේ ස්ථානයේ ද ලෙවීවරු තමන්ගේ කාණ්ඩවල ද සිටගත්හ. 11ඔවුහු පාස්කු බැටළු පැටවා මැරූහ. පූජකයෝ ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය; ලෙවීයයෝ යාග කළ සතුන් හම ගැසූහ. 12ඔවුන් දවන යාග පූජා පසෙකින් තැබුවේ, මෝසෙස්ගේ පොතේ සඳහන් පරිදි ස්වාමින්වහන්සේට ඔප්පු කරන පිණිස ජනතාවගේ පිය පෙළපත් කණ්ඩායම්වලට ඒවා බෙදා දීමට ය. ඔවුහු ගවයින් සම්බන්ධයෙන් ද ඒ දේ ම කළහ. 13ඔවුහු නියමය ප්‍රකාර පාස්කු බැටළු පැටවුන් ගින්නෙහි පිලිස්සූහ; ඔවුහු ශුද්ධ පූජාව, හැළි, කල්දේරම්, හා හට්ටිවල තම්බා ඒවා වහ වහා සියලු ජනයා වෙත ගෙන ගියහ. 14ඉන්පසු ඔවුහු තමන් උදෙසා හා පූජකයින් උදෙසා සූදානම් වීම් ඉටු කළහ. මන්ද ආරොන් පුත්‍රයින් වූ පූජකයින් රෑ වන තෙක් ම දවන යාග පූජා ද මේද කොටස් ද ඔප්පු කිරීමේ නියැළුණහ. එබැවින් ලෙවීවරු තමන් උදෙසා හා ආරොන් පුත්‍රයින් වූ පූජකයින් උදෙසා සූදානම් වීම් ඉටු කළහ.
15ආසාෆ් පුත්‍රයින් වූ ගායකයින් ස්ථානගත ව සිටියේ දාවිත්ගේ ද ආසාෆ්ගේ ද හේමාන්ගේ ද රජුගේ අනාගතවක්තෘ යෙදූතුන්ගේ ද අණ පරිද්දෙනි. දොරටු පාලකයෝ හැම දොරටුවක ම වූහ. මෙහෙයට බාධා පමුණු වන්නට ඔවුන්ට වුවමනා නො වී ය. මන්ද ඔවුන් උදෙසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරුන් සූදානම් වීම් ඉටු කළ බැවිනි.
16යොෂීයා රජුගේ අණ පරිදි මෙසේ පාස්කුව පවත්වන්නට හා ස්වාමින්වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කරන්නට ඒ දවසේ ස්වාමින්වහන්සේගේ සේවාවට සියල්ල සූදානම් කරනු ලැබිණ. 17ඒ අවස්ථාවේ එහි පෙනී සිටි ඉශ්‍රායෙල් ජනයා පාස්කුව ද හත් දවසක් නුමුහුන් රොටි මංගල්‍යය ද පැවැත් වූහ. 18සාමුවෙල් දිවැසිවරයාගේ දවස්වල පටන් එවැනි පාස්කු මංගල්‍යයක් ඉශ්‍රායෙල්හි පවත්වා නැත. යොෂීයා ද පූජකයින් හා ලෙවීයයන් ද එහි පැමිණි සියලු යූදා හා ඉශ්‍රායෙල් ජනයා ද යෙරුසලම් වාසීන් ද පැවැත් වූ පාස්කුව බඳු පාස්කුවක් කිසි ම ඉශ්‍රායෙල් රජකු පවත්වා නැත. 19මෙම පාස්කු මංගල්‍යය පවත්වන ලද්දේ යොෂීයාගේ රජකම් කිරීමේ දහඅට වන වසරේදී ය.
යොෂීයාගේ මරණය
20මේ සියල්ලට පසු, යොෂීයා දේව මාලිගය පිළියෙල කළ පසු, ඊජිප්තුවේ රජු වූ නෙකො යුප්‍රටීස්හි#35:20 යුප්‍රටීස්හි එනම් පෙරාත්හි කර්කෙමිෂ්හි දී සටන් වදින පිණිස ගියේ ය. යොෂීයා ද ඔහුට මුහුණ දෙන්නට පිටත් ව ගියේ ය. 21එහෙත් නෙකො රාජ දූතයින් ඔහු වෙත පිටත් කර, “ඔබ සමඟ මට ඇති කාරිය කිම ද යූදා රජුනි, අද මා එන්නේ ඔබට එරෙහිව නො වේ; මා යුද්ධයට පැටලී සිටින වංශයට එරෙහිව ය. ඉක්මන් කරන ලෙස දෙවියන්වහන්සේ මට අණ කර තිබේ; එබැවින් උන්වහන්සේ ඔබ විනාශ කර නො දමන පිණිස, මා සමඟ සිටින දෙවියන්වහන්සේට හරස් වන්න එපා” යි දැන්වී ය.
22එහෙත් යොෂීයා ඔහු වෙතින් ඉවතට හැරුණේ නැත. ඔහු සමඟ සටන් වදින පිණිස ඔහු වෙස්වලා ගත්තේ ය. ඔහු නෙකොගේ මුවින් පැවසූ දෙවියන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නො දී, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට එක් වුණේ ය.
23දුනුවායෝ යොෂීයා රජුට විද්දහ. එවිට රජු තම සේවකයින් අමතමින්, “මා ඉවතට ගෙන යන්න; මට හොඳට ම තුවාලයි” කීවේ ය. 24ඔහුගේ සේවකයෝ එබැවින් රථයෙන් ඔහු පිටතට ගෙන, ඔහුගේ දෙවන රථයට ගෙන ගොස්, යෙරුසලමට ගෙනාහ. එහිදී ඔහු මියැදුනෙන්, ඔහුගේ පියවරුන්ගේ සොහොන්හි භූමදාන කරනු ලැබී ය. මුළු යූදා සහ යෙරුසලම යොෂීයා උදෙසා ශෝක වූහ.
25යෙරමියා ද යොෂීයා උදෙසා වැලපීමක් පැවසූ අතර, සියලු ම ගායකයින් හා ගායිකාවන් අද දක්වා තම වැලපිලි ගීවලින් යොෂීයා ගැන කතා කරති. ඔවුහු මෙය ඉශ්‍රායෙල්හි චාරිත්‍රයක් කළෝ ය. ඒවා වලැපිලි ගී හි ලියා තිබේ.
26යොෂීයා සම්බන්ධ සෙසු කාරණා ද ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියන ලද දෑට අනුකූල වූ ඔහුගේ විශ්වාසවන්ත කාර්යයන් ද 27ඔහුගේ මුල පටන් අග දක්වා තොරතුරු ද ඉශ්‍රායෙල් හා යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ.
දැනට තෝරාගෙන ඇත:
2 ලේකම් 35: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: