රජුගේ අණ පරිදි, පණිවුඩකරුවෝ ඉශ්‍රායෙල් සහ යූදා මුළුල්ලේ, රජුගෙන් සහ ඔහුගේ අධිපතීන්ගෙන් ලත් ලිපි රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් විය: “එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, අසිරියාවේ රජුන් අතින් බේරී පලා ආ ඔබගේ ඉතිරි ස්වල්ප දෙනා වෙත උන්වහන්සේ ද යළි හැරෙන පිණිස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරී එන්න. තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වූ ඔබේ පියවරුන් මෙන්, ඔබේ නෑදෑ සහෝදරයින් මෙන් නො වන්න; ඔබට පෙනෙන පරිදි එනිසා උන්වහන්සේ ඔවුන් තැතිගැන්මේ ආදර්ශයක් බවට පත් කළ සේක. ඔබගේ පියවරුන් පරිදි මුරණ්ඩු වූවන් නො වන්න. ස්වාමින්වහන්සේට ඔබ ම යටත් වී, සදහට ම උන්වහන්සේ පවිත්‍ර කරන ලද උන්වහන්සේගේ ශුද්ධස්ථානයට පැමිණ, උන්වහන්සේගේ රුදුරු කෝපය ඔබ වෙතින් පහව යන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට සේවය කරන්න. ස්වාමින්වහන්සේ වෙත ඔබ ආපසු හැරී ආවොත්, ඔබේ සහෝදරයින් හා ඔබේ දරුවන් අල්ලා ගනු ලැබූවන්ගෙන් අනුකම්පාව ලැබ, මේ රටට ආපසු පැමිණෙනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කරුණාවන්ත ය; දයාවන්ත ය; ඔබ උන්වහන්සේ වෙත ආපසු හැරී ආවොත්, උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ වෙතින් ඉවත හරවනු නැත.”
2 ලේකම් 30 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 30:6-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ