2 1 වංශාවලිය 30:6-9
2 1 වංශාවලිය 30:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රජුගේ අණ පරිදි, පණිවුඩකරුවෝ ඉශ්‍රායෙල් සහ යූදා මුළුල්ලේ, රජුගෙන් සහ ඔහුගේ අධිපතීන්ගෙන් ලත් ලිපි රැගෙන ගියහ. එහි මෙසේ සඳහන් විය: “එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, අසිරියාවේ රජුන් අතින් බේරී පලා ආ ඔබගේ ඉතිරි ස්වල්ප දෙනා වෙත උන්වහන්සේ ද යළි හැරෙන පිණිස, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්‍රායෙල්ගේ ද දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරී එන්න. තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වූ ඔබේ පියවරුන් මෙන්, ඔබේ නෑදෑ සහෝදරයින් මෙන් නො වන්න; ඔබට පෙනෙන පරිදි එනිසා උන්වහන්සේ ඔවුන් තැතිගැන්මේ ආදර්ශයක් බවට පත් කළ සේක. ඔබගේ පියවරුන් පරිදි මුරණ්ඩු වූවන් නො වන්න. ස්වාමින්වහන්සේට ඔබ ම යටත් වී, සදහට ම උන්වහන්සේ පවිත්‍ර කරන ලද උන්වහන්සේගේ ශුද්ධස්ථානයට පැමිණ, උන්වහන්සේගේ රුදුරු කෝපය ඔබ වෙතින් පහව යන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට සේවය කරන්න. ස්වාමින්වහන්සේ වෙත ඔබ ආපසු හැරී ආවොත්, ඔබේ සහෝදරයින් හා ඔබේ දරුවන් අල්ලා ගනු ලැබූවන්ගෙන් අනුකම්පාව ලැබ, මේ රටට ආපසු පැමිණෙනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ කරුණාවන්ත ය; දයාවන්ත ය; ඔබ උන්වහන්සේ වෙත ආපසු හැරී ආවොත්, උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ වෙතින් ඉවත හරවනු නැත.”
2 1 වංශාවලිය 30:6-9 Sinhala Revised Old Version (SROV)
මෙසේ පණිවිඩකාරයෝ රජුගෙන්ද ඔහුගේ අධිපතීන්ගෙන්ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි ගොස් කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න, එවිට උන්වහන්සේ අෂූර්හි රජුන්ගේ අතින් ගැළවී ඉතුරුව සිටින නුඹලා වෙතට හැරෙනවා ඇත. තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළාවූ නුඹලාගේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවෙන්න; නුඹලාට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවාදුන්සේක. ඉතින් නුඹලාගේ පියවරුන් මෙන් නුඹලාගේ කුළල් තදකර නොගෙන, ස්වාමීන්වහන්සේට ගිවිසුම් දී, උන්වහන්සේ සදාකාලයටම පවිත්‍රකළ උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්වී, උන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙන් පහවන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්න. මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, නුඹලාගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, නුඹලා උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ නුඹලා කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.
2 1 වංශාවලිය 30:6-9 Sinhala New Revised Version (NRSV)
මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත. තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත්, සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට උන් වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන් සේක. ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.
2 1 වංශාවලිය 30:6-9 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 30:6-9 New International Version (NIV)
At the king’s command, couriers went throughout Israel and Judah with letters from the king and from his officials, which read: “People of Israel, return to the LORD, the God of Abraham, Isaac and Israel, that he may return to you who are left, who have escaped from the hand of the kings of Assyria. Do not be like your parents and your fellow Israelites, who were unfaithful to the LORD, the God of their ancestors, so that he made them an object of horror, as you see. Do not be stiff-necked, as your ancestors were; submit to the LORD. Come to his sanctuary, which he has consecrated forever. Serve the LORD your God, so that his fierce anger will turn away from you. If you return to the LORD, then your fellow Israelites and your children will be shown compassion by their captors and will return to this land, for the LORD your God is gracious and compassionate. He will not turn his face from you if you return to him.”