2 ලේකම් 3

3
දේව මාලිගය තැනීම
1එකල සාලමොන්, යෙරුසලමේ මොරීයා කන්දේ ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි කිරීම ඇරඹී ය. ඒ, ඔහුගේ පියා වූ දාවිත්ට ස්වාමින්වහන්සේ පෙනුණු ස්ථානය ය; යෙබූසීය ඔර්ණාන්ගේ කමතේ දාවිත් නියම කර තිබූ ස්ථානය ය. 2ඔහු තම පාලනයේ හතර වන වසරේ දෙවන මාසයේ දෙවන දින ඉදි කිරීම ඇරඹී ය.
3දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩ නැගීමට සාලමොන් තැබූ අත්තිවාරම දිගින්, පැරණි සම්මත රියන්වලින් රියන් හැටකි. පළලින් රියන් විස්සකි. 4ගෘහයේ ප්‍රධාන ශාලාව ඉදිරිපස පිවිසුමේ දිග, ගෘහයේ පළල මෙන් ම රියන් විස්සකි. එහි උස, රියන් එකසිය විස්සකි#3:4 මීටර් 54ක් පමණ..
ඔහු එහි ඇතුළත පවිත්‍ර රනින් වැසුවේ ය. 5ඔහු ප්‍රධාන ශාලාව, සයිප්‍රස් ලී ගසා, එය පවිත්‍ර රනින් වසා, ඉඳි ගස් හා දම්වැල් සිත්තමින් එය සැරසී ය. 6ඔහු අනර්ඝ මැණික් ගලින් ගෘහය අලංකාර කළේ ය. එම රත්රන් පර්වායිම්හි රත්රන් ය. 7ගෘහයේ වහලයේ බාල්ක ද උළුවහු කණු ද බිත්ති ද දොරවල් ද රනින් වැසූ ඔහු බිත්ති මත කෙරුබ් රූප කැටයම් කළේ ය.
8ඔහු අතිශුද්ධස්ථානය සෑදුවේ ය. එහි දිග, ගෘහයේ පළලට අනුරූපී ව රියන් විස්සකි. එහි පළල රියන් විස්සකි. ඔහු පවිත්‍ර රන් තලෙන්ත හයසියයකින්#3:8 මෙට්‍රික් ටොන් 120ක් පමණ. එහි ඇතුළත වැසී ය. 9රත්රන් ඇණවල බර ෂෙකෙල් පනහකි#3:9 ග්‍රෑම් 575ක් පමණ.. ඔහු උඩු මහල් කාමර ද රනින් වැසී ය.
10ඔහු අතිශුද්ධස්ථානය තුළ කෙරුබ්වරුන් යුගලයක් සාදා, එය රනින් වැසී ය. 11විදහාගත් කෙරුබ් පියාපත්වල මුළු දිග රියන් විස්සකි. එක් කෙරුබ්වරයකුගේ පියාපතක දිග රියන් පහකි. එය ගෘහයේ බිත්තිය හා ස්පර්ශ විය. අනෙක් පියාපතේ දිග රියන් පහකි. එම පියාපත අනෙක් කෙරුබ් පියාපත හා ස්පර්ශ විය. 12අනෙක් කෙරුබ්වරයාගේ පියාපතක දිග රියන් පහකි. එය ගෘහයේ බිත්තිය හා ස්පර්ශ විය. අනෙක් පියාපතේ දිග රියන් පහකි. එය පළමු කෙරුබ් පියාපත හා ස්පර්ශ විය. 13මේ කෙරුබ් පියාපත් රියන් විස්සක් දිගට විහිදිණි. කෙරුබ්වරුන් ප්‍රධාන ශාලාවට මුහුණ ලා#3:13 ගෘහයේ ඇතුළතට මුහුණ ලා තම පාදවලින් සිටගෙන සිටින ලෙස පිහිටා තිබිණි.
14ඔහු තිරය, නිල්, දම් හා රතු පාට නූලින් ද සිහින් හණ පිළියෙන් ද නිමවා, ඒ මත කෙරුබ් රූප සිත්තම් කළේ ය.
15ඔහු ගෘහය ඉදිරිපිට රියන් තිස්පහක්#3:15 මීටර් 16ක් පමණ. උසැති කුලුනු දෙකක් සෑදී ය. කුලුනු මුදුන් පිට පස්රියන් පේකඩයකි. 16දම්වැල්#3:16 දම්වැල් හෙබ්‍රෙව් ඇතුළු ශුද්ධස්ථානයේ දම්වැල් සාදා ඒවා කුලුනු පිට තැබූ ඔහු දෙළුම් ගෙඩි සියයක් ලෝකඩින් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේ ය. 17ඔහු ඒ කුලුනු දේව මාලිගය ඉදිරිපිට සිටුවී ය. ඔහු එකක් දකුණු පස ද එකක් වම් පස ද සිටුවී ය. ඔහු දකුණු පස එක යාකින්#3:17 යාකින් යන්නෙහි විය හැකි අර්ථය වන්නේ උන්වහන්සේ ස්ථාපිත කරන සේක. කියා ද වම් පස එක බෝවස්#3:17 බෝවස් යන්නෙහි විය හැකි අර්ථය වන්නේ උන්වහන්සේ තුළ ශක්තිය තිබේ කියා ද නම් තැබී ය.

දැනට තෝරාගෙන ඇත:

2 ලේකම් 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න