2 ලේකම් 18:28-34

2 ලේකම් 18:28-34 SCV

තවද ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට්, රාමොත්-ගිලියාද් වෙත ගියහ. ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් අමතා, “මම වෙස් වළාගෙන යුද්ධයට යන්නෙමි. එහෙත් ඔබ රාජ වස්ත්‍ර හැඳගන්නැ” යි පැවසී ය. මෙසේ ඉශ්‍රායෙල් රජු වෙස් වළා ගත්තේ ය. ඉන්පසු ඔවුහු සටනට ගියහ. අරාම්හි රජු තම රථාධිපතීන්ට අණ දී තිබුණේ, “ඉශ්‍රායෙල් රජු සමඟ පමණක් මිස ලොකු කුඩා කිසිවකු සමඟ සටන් කළ යුතු නැත” කියා ය. රථාධිපතීන් යෙහෝෂාෆාට් දුටු කල, “සැබවින් ම මේ ඉන්නේ ඉශ්‍රායෙල් රජු යැ” යි සිතූහ. එබැවින් ඔවුහු ඔහුට පහර දෙන පිණිස හැරුණෝ ය. එහෙත් යෙහෝෂාෆාට් මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔහුට පිහිට වූ සේක. දෙවියන්වහන්සේ ඔහු වෙතින් ඔවුන් ඉවතට යැවූ සේක. ඒ ඉශ්‍රායෙල් රජු නො වන වග දුටු රථාධිපතීහු ඔහු ලුහුබැඳ යෑම නතර කළහ. එහෙත් කෙනෙක් අහම්බෙන් තම දුන්න තැත් කවා, ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ කොටස් අතරට විද්දේ ය. රජු තම රථාචාරියා අමතා, “රථය හරවාගෙන යුද්ධයෙන් පිටතට මා ගෙන යන්න. මන්ද මට තුවාල වී යැ” යි කීවේ ය. දවස පුරා ම යුද්ධය පැවතිණි. රජු ආධාර ඇතුව අරාම්වරුන්ට මුහුණ ලා රථයේ සිටවනු ලැබී ය. එදින හිරු බැස යද්දී ඔහු මිය ගියේ ය.

2 ලේකම් 18:28-34 සඳහා වීඩියෝව