2 1 වංශාවලිය 18:28-34
2 1 වංශාවලිය 18:28-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට්, රාමොත්-ගිලියාද් වෙත ගියහ. ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් අමතා, “මම වෙස් වළාගෙන යුද්ධයට යන්නෙමි. එහෙත් ඔබ රාජ වස්ත්‍ර හැඳගන්නැ” යි පැවසී ය. මෙසේ ඉශ්‍රායෙල් රජු වෙස් වළා ගත්තේ ය. ඉන්පසු ඔවුහු සටනට ගියහ. අරාම්හි රජු තම රථාධිපතීන්ට අණ දී තිබුණේ, “ඉශ්‍රායෙල් රජු සමඟ පමණක් මිස ලොකු කුඩා කිසිවකු සමඟ සටන් කළ යුතු නැත” කියා ය. රථාධිපතීන් යෙහෝෂාෆාට් දුටු කල, “සැබවින් ම මේ ඉන්නේ ඉශ්‍රායෙල් රජු යැ” යි සිතූහ. එබැවින් ඔවුහු ඔහුට පහර දෙන පිණිස හැරුණෝ ය. එහෙත් යෙහෝෂාෆාට් මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔහුට පිහිට වූ සේක. දෙවියන්වහන්සේ ඔහු වෙතින් ඔවුන් ඉවතට යැවූ සේක. ඒ ඉශ්‍රායෙල් රජු නො වන වග දුටු රථාධිපතීහු ඔහු ලුහුබැඳ යෑම නතර කළහ. එහෙත් කෙනෙක් අහම්බෙන් තම දුන්න තැත් කවා, ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ කොටස් අතරට විද්දේ ය. රජු තම රථාචාරියා අමතා, “රථය හරවාගෙන යුද්ධයෙන් පිටතට මා ගෙන යන්න. මන්ද මට තුවාල වී යැ” යි කීවේ ය. දවස පුරා ම යුද්ධය පැවතිණි. රජු ආධාර ඇතුව අරාම්වරුන්ට මුහුණ ලා රථයේ සිටවනු ලැබී ය. එදින හිරු බැස යද්දී ඔහු මිය ගියේ ය.
2 1 වංශාවලිය 18:28-34 Sinhala Revised Old Version (SROV)
මෙසේ ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය. ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට යන්නෙමි; නුමුත් ඔබ ඔබගේ වස්ත්‍ර හැඳගතමැනවියි කීවේය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරුකරගත්තේය; ඔව්හු සටනට ගියෝය. සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්‍රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය. රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක. ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳ යාමෙන් ආපසු හැරුණෝය. නුමුත් එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා නොදැනම ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත හරවා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මක්නිසාද මට හොඳටම තුවාලවීයයි රථාචාර්යයාට කීවේය. ඒ දවසේ යුද්ධය තදබල විය. එසේවී නුමුත් ඉශ්‍රායෙල් රජ සවස්වෙන තුරු සිරියවරුන්ට ඉදිරිපිට ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනු ලැබ, ඉර බසින වේලාව පමණේදී මළේය.
2 1 වංශාවලිය 18:28-34 Sinhala New Revised Version (NRSV)
මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට විරුද්ධ ව සටනට ගියෝ ය. ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් මාරු කරගෙන යුද්ධයට යන්නෙමි. එහෙත්, ඔබ ඔබේ වස්ත්‍ර හැඳගත මැනව”යි කීවේ ය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරු කරගත් පසු ඔව්හු සටනට ගියෝ ය. සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, “ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය. රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක. ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය. එහෙත්, එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා, නොදැන ම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රථාචාර්යාට කතා කොට, ඔබ ආපසු හැරී, සේනාවෙන් පිටතට මා ගෙන යන්න. මන්ද, මට හොඳට ම තුවාළ ය”යි කීවේ ය. ඒ දවස ගත වීමත් සමඟ යුද්ධය තදබල විය. එසේ වී නමුත්, ඉශ්රායෙල් රජ සවස වන තුරු සිරියන්වරුන්ට ඉදිරියෙන් ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබූ පසු, ඉර බසින වේලාව පමණේ දී මළේ ය.
2 1 වංශාවලිය 18:28-34 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 18:28-34 New International Version (NIV)
So the king of Israel and Jehoshaphat king of Judah went up to Ramoth Gilead. The king of Israel said to Jehoshaphat, “I will enter the battle in disguise, but you wear your royal robes.” So the king of Israel disguised himself and went into battle. Now the king of Aram had ordered his chariot commanders, “Do not fight with anyone, small or great, except the king of Israel.” When the chariot commanders saw Jehoshaphat, they thought, “This is the king of Israel.” So they turned to attack him, but Jehoshaphat cried out, and the LORD helped him. God drew them away from him, for when the chariot commanders saw that he was not the king of Israel, they stopped pursuing him. But someone drew his bow at random and hit the king of Israel between the breastplate and the scale armor. The king told the chariot driver, “Wheel around and get me out of the fighting. I’ve been wounded.” All day long the battle raged, and the king of Israel propped himself up in his chariot facing the Arameans until evening. Then at sunset he died.