2 ලේකම් 1:7-10
2 ලේකම් 1:7-10 SCV
ඒ රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක්, ඔහුගෙන් පසු, රජකමට මා පත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය.

