2 1 වංශාවලිය 1:7-10
2 1 වංශාවලිය 1:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක්, ඔහුගෙන් පසු, රජකමට මා පත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය.
2 1 වංශාවලිය 1:7-10 Sinhala Revised Old Version (SROV)
එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක. සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක. දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය.
2 1 වංශාවලිය 1:7-10 Sinhala New Revised Version (NRSV)
එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක. සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක. දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
2 1 වංශාවලිය 1:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක. සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක. දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.
2 1 වංශාවලිය 1:7-10 New International Version (NIV)
That night God appeared to Solomon and said to him, “Ask for whatever you want me to give you.” Solomon answered God, “You have shown great kindness to David my father and have made me king in his place. Now, LORD God, let your promise to my father David be confirmed, for you have made me king over a people who are as numerous as the dust of the earth. Give me wisdom and knowledge, that I may lead this people, for who is able to govern this great people of yours?”