එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න. ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න. සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල් ව හා දෝෂයෙන් තොර ව මේ ආඥාව පිළිපදින ලෙසයි. උන්වහන්සේ නිසි කල්හි එය එළිදක්වන සේක. උන්වහන්සේ ආශිර්වාදිත වූ, එක ම පරමාධිපතියාණන් වූ, රජවරුන්ගේ රජ්ජුරුවෝ වූ, ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ වූ තැනැන්වහන්සේ ය. එක ම අමරණීය වූ, අනෙකකුට ළඟා විය නො හැකි ආලෝකයේ වැඩ වසන්නා වූ, කිසිවකුත් දැක නැති, දකින්නට ද නො හැකි තැනැන්වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේවා! ආමෙන්. මේ වත්මන් ලෝකයේ ධනවත් ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේ ම බහුල ව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න. ඔවුන් හොඳ දේ කළ යුතු ව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත් ව, ත්‍යාගශීලී ව හා බෙදා හදා ගත යුතු ව ඇත. මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස් කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය. එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැක ගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න. එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ.
1 තිමෝති 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 තිමෝති 6:11-21
3 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others through an emphasis on the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and also the world through these Jesus-colored lenses. This short reading plan is based on the habit of Generosity.
4 Days
This four-part video study will help you to find contentment this season by letting go of expectations and focusing on eternal truths. You will also hear practical tips on navigating pressures and expectations, and each day you'll answer questions to help you incorporate these principles into your daily life.
Friends... Family... That feeling when you have just enough cereal left in the box to fill up your bowl... God has given us SO many blessings! However, it is up to us to choose how we will use them. Will we be selfish, or will we be good stewards? In this plan, we will learn how we can be the best stewards of everything God has given us!
5 days
Each of us has our own unique pathway of spiritual growth. Life circumstances and the movement of the Holy Spirit often determine the pace of an individual’s progress. Join us as we uncover the disciplines that God uses to draw us closer to Him.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ