1 තෙසලෝනික 5:11-24

1 තෙසලෝනික 5:11-24 SCV

එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න. සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු. ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතු ව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න. සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරිගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟ ම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක් ම ඉල්ලන්නෙමු. කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වග බලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න. හැම විට ප්‍රීතියෙන් සිටින්න; නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි. ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න. දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න. ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න. හැම අයුරක නපුරෙන් වළකින්න. සාමයේ දෙවියන්වහන්සේ ම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිත ව තබනු ලැබේවා! ඔබ කැඳවන තැනැන්වහන්සේ විශ්වසනීය ය. උන්වහන්සේ එය ඉටු කරන සේක.

මෙයට අදාළ වීඩියෝ

1 තෙසලෝනික 5:11-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය