1 තෙසලෝනික 5:1-6

1 තෙසලෝනික 5:1-6 SCV

තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ. මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරකු මෙන් අනපේක්ෂිත ව පැමිණෙන බැව් ඔබ හොඳහැටි දන්නා නිසා ය. දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිනියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේ ම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත. එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ. ඔබ හැම දෙනා ආලෝකයේ පුත්‍රයෝ ය; දහවලේ පුත්‍රයෝ ය. රාත්‍රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත. එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වග බලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු.

මෙයට අදාළ වීඩියෝ

1 තෙසලෝනික 5:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය