1 තෙසලෝනික 4:3-6

1 තෙසලෝනික 4:3-6 SCV

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධ ව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. ඔබ හැම කෙනකු ම ශුද්ධ වූත්, ගෞරවණීය වූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ, දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි. මේ සම්බන්ධ ව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.