1 තෙසලෝනික 4:3-6
1 තෙසලෝනික 4:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධ ව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. ඔබ හැම කෙනකු ම ශුද්ධ වූත්, ගෞරවණීය වූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ, දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි. මේ සම්බන්ධ ව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.
1 තෙසලෝනික 4:3-6 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය–නුඹලා වේශ්‍යාකමින් වැලකී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව, ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්, මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.
1 තෙසලෝනික 4:3-6 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය. මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
1 තෙසලෝනික 4:3-6 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය. මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.
1 තෙසලෝනික 4:3-6 New International Version (NIV)
It is God’s will that you should be sanctified: that you should avoid sexual immorality; that each of you should learn to control your own body in a way that is holy and honorable, not in passionate lust like the pagans, who do not know God; and that in this matter no one should wrong or take advantage of a brother or sister. The Lord will punish all those who commit such sins, as we told you and warned you before.