1 සාමුවෙල් 2:18-21

1 සාමුවෙල් 2:18-21 SCV

එහෙත්, හණ ඒපොද් සැට්ටයක් හැඳ සිටි කොලුවකු වූ සාමුවෙල් ස්වාමින්වහන්සේ ඉදිරියේ මෙහෙ කළේ ය. ඔහුගේ මව, ඇගේ සැමියා සමඟ වාර්ෂික යාග පූජා ඔප්පු කිරීමට යන කල, වසරක් පාසා ඔහුට කුඩා කබායක් මසා, ගෙන ගොස් දුන්නා ය. එවිට එල්කානාට හා ඔහුගේ බිරිඳට ආශිර්වාද කරන ඒලී, “මැය යාච්ඤාවෙන් ඉල්ලා ස්වාමින්වහන්සේට දුන් තැනැත්තාගේ තැන ගන්නට මේ කාන්තාවගෙන් ස්වාමින්වහන්සේ ඔබට දරුවන් ලබා දෙන සේක්වා!” යි කියයි. ඉන්පසු ඔවුහු ගෙදර යති. හන්නාට එසේ ස්වාමින්වහන්සේ කරුණා පෑ සේක. ඈ ගැබ් දරා, පුතුන් තිදෙනකු ද දියණියන් දෙදෙනකු ද බිහි කළා ය. ළමා සාමුවෙල් මේ අතර ස්වාමින්වහන්සේ ඉදිරියෙහි වැඩුණේ ය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 2:18-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය