1 සාමුවෙල් 17:8-11

1 සාමුවෙල් 17:8-11 SCV

ඔහු නැගිට, ඉශ්‍රායෙල් සේනාංක පෙළට බැන-අඬ ගසමින්, “නුඹලා පිටතට අවුත්, සටනට පෙළ ගැසෙන්නේ මන්ද? මම පිලිස්තියෙක් නො වෙම් ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නො වෙත් ද? නුඹලා අතරින් මිනිසකු තෝරා, මා හමුවට බැස එවනු. මා හා සටන් කොට, මා මරා දමන්නට ඔහුට හැකි වෙතොත්, අප නුඹලාගේ යටත් වැසියන් වනු ඇත. එහෙත් මා ඔහුගෙන් ජය ගෙන, ඔහු මරා දැමුවහොත් නුඹලා අපගේ යටත් වැසියන් වී, අපට මෙහෙ කළ යුතු වේ යැ” යි කීවේ ය. එම පිලිස්තීයයා යළි කතා කරමින්, “අද දවසේ ඉශ්‍රායෙල් සේනාංක පෙළට මම අභියෝග කරමි. මට මිනිසකු දෙනු! අපට සටන් කරන්නට සලසනු” යි වහසි බස් දෙඩී ය. පිලිස්තීයයාගේ වචන ඇසීමෙන්, සාවුල් ද සියලු ඉශ්‍රායෙල්වරු ද තැති ගෙන, මහත් සේ භය වූහ.

1 සාමුවෙල් 17:8-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය