1 සාමුවෙල් 17:8-11
1 සාමුවෙල් 17:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු නැගිට, ඉශ්‍රායෙල් සේනාංක පෙළට බැන-අඬ ගසමින්, “නුඹලා පිටතට අවුත්, සටනට පෙළ ගැසෙන්නේ මන්ද? මම පිලිස්තියෙක් නො වෙම් ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නො වෙත් ද? නුඹලා අතරින් මිනිසකු තෝරා, මා හමුවට බැස එවනු. මා හා සටන් කොට, මා මරා දමන්නට ඔහුට හැකි වෙතොත්, අප නුඹලාගේ යටත් වැසියන් වනු ඇත. එහෙත් මා ඔහුගෙන් ජය ගෙන, ඔහු මරා දැමුවහොත් නුඹලා අපගේ යටත් වැසියන් වී, අපට මෙහෙ කළ යුතු වේ යැ” යි කීවේ ය. එම පිලිස්තීයයා යළි කතා කරමින්, “අද දවසේ ඉශ්‍රායෙල් සේනාංක පෙළට මම අභියෝග කරමි. මට මිනිසකු දෙනු! අපට සටන් කරන්නට සලසනු” යි වහසි බස් දෙඩී ය. පිලිස්තීයයාගේ වචන ඇසීමෙන්, සාවුල් ද සියලු ඉශ්‍රායෙල්වරු ද තැති ගෙන, මහත් සේ භය වූහ.
1 සාමුවෙල් 17:8-11 Sinhala Revised Old Version (SROV)
ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: නුඹලා යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? නුඹලා සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස නුඹලා වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි නුඹලාගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, නුඹලා අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය. තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.
1 සාමුවෙල් 17:8-11 Sinhala New Revised Version (NRSV)
ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න. මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය. තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ.
1 සාමුවෙල් 17:8-11 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 17:8-11 New International Version (NIV)
Goliath stood and shouted to the ranks of Israel, “Why do you come out and line up for battle? Am I not a Philistine, and are you not the servants of Saul? Choose a man and have him come down to me. If he is able to fight and kill me, we will become your subjects; but if I overcome him and kill him, you will become our subjects and serve us.” Then the Philistine said, “This day I defy the armies of Israel! Give me a man and let us fight each other.” On hearing the Philistine’s words, Saul and all the Israelites were dismayed and terrified.