1 සාමුවෙල් 14:24-30

1 සාමුවෙල් 14:24-30 SCV

ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත. මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය. එවිට සෙබළුන්ගෙන් කෙනෙක් ඔහු අමතා, “ඔබගේ පියා, ‘අද දවසේ අහර බුදින කවරකුට වුව ශාප වේවා’ කියමින් තදබල දිවුරුමකින් හමුදාව බඳවා ගත්තා. මිනිසුන් ක්ලාන්ත ව සිටින්නේ එනිසා යැ” යි කීවේ ය. යොනාතාන් පිළිතුරු දෙමින්, “මගේ පියා දේශයට කර ඇත්තේ හිරිහැරයක්; බලන්න; මේ මී පැණි ටිකක් දිව ගෑ හැටියේ මගේ ඇස් දීප්තිමත් වූ හැටි! තම සතුරන්ගෙන් මිනිසුන් කොල්ල කෑ දේ අද ඔවුන්ට කන්නට ලැබුණා නම් කොපමණ අගේ ද! එසේ වී නම් පිලිස්තිවරුන් ඝාතනය මීට වඩා මහත් විය නොහැක්කේ දැ?” යි පැවසී ය.