1 සාමුවෙල් 14:24-30
1 සාමුවෙල් 14:24-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත. මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය. එවිට සෙබළුන්ගෙන් කෙනෙක් ඔහු අමතා, “ඔබගේ පියා, ‘අද දවසේ අහර බුදින කවරකුට වුව ශාප වේවා’ කියමින් තදබල දිවුරුමකින් හමුදාව බඳවා ගත්තා. මිනිසුන් ක්ලාන්ත ව සිටින්නේ එනිසා යැ” යි කීවේ ය. යොනාතාන් පිළිතුරු දෙමින්, “මගේ පියා දේශයට කර ඇත්තේ හිරිහැරයක්; බලන්න; මේ මී පැණි ටිකක් දිව ගෑ හැටියේ මගේ ඇස් දීප්තිමත් වූ හැටි! තම සතුරන්ගෙන් මිනිසුන් කොල්ල කෑ දේ අද ඔවුන්ට කන්නට ලැබුණා නම් කොපමණ අගේ ද! එසේ වී නම් පිලිස්තිවරුන් ඝාතනය මීට වඩා මහත් විය නොහැක්කේ දැ?” යි පැවසී ය.
1 සාමුවෙල් 14:24-30 Sinhala Revised Old Version (SROV)
ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත. මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය. සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත. නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිගුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය. එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: නුඹේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය. එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න. ඉදින් සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් ලබාගත් කොල්ලයෙන් රිසිසේ අද කෑවානම් තව කොපමණ හොඳද? මක්නිසාද දැනට පිලිස්තිවරුන් අතරෙහි මහත් නාස්තියක් වී නැතැයි කීවේය.
1 සාමුවෙල් 14:24-30 Sinhala New Revised Version (NRSV)
ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත. ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය. මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය. එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, “ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය. එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න. ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය.
1 සාමුවෙල් 14:24-30 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 14:24-30 New International Version (NIV)
Now the Israelites were in distress that day, because Saul had bound the people under an oath, saying, “Cursed be anyone who eats food before evening comes, before I have avenged myself on my enemies!” So none of the troops tasted food. The entire army entered the woods, and there was honey on the ground. When they went into the woods, they saw the honey oozing out; yet no one put his hand to his mouth, because they feared the oath. But Jonathan had not heard that his father had bound the people with the oath, so he reached out the end of the staff that was in his hand and dipped it into the honeycomb. He raised his hand to his mouth, and his eyes brightened. Then one of the soldiers told him, “Your father bound the army under a strict oath, saying, ‘Cursed be anyone who eats food today!’ That is why the men are faint.” Jonathan said, “My father has made trouble for the country. See how my eyes brightened when I tasted a little of this honey. How much better it would have been if the men had eaten today some of the plunder they took from their enemies. Would not the slaughter of the Philistines have been even greater?”