ඇතැම් හෙබ්‍රෙව්වෝ ගාද් දේශයටත්, ගිලියාද් දේශයටත් යොර්දාන් ගඟින් එතෙර ව ගියහ. එහෙත් සාවුල්, ගිල්ගාල්හි රැඳී සිටියේ ය. ඔහු සමඟ වූ මුළු සෙබළ පිරිස භයින් වෙවුලූහ. සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ. එබැවින් සාවුල්, “දවන යාග පූජාවත්, ශාන්ති පූජාවත් මෙහි මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මෙසේ සාවුල් දවන යාග පූජාව ඔප්පු කළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය. “මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය. එවිට සාමුවෙල් කතා කරමින්, “ඔබ කර ඇත්තේ අනුවණ වැඩකි; උන්වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාව, ඔබ පිළිපැද්දේ නැහැ. පිළිපැද්දා නම්, උන්වහන්සේ ඔබගේ රාජ්‍යය ඉශ්රායෙල්හි සදහට ම ස්ථිර කරන්නට තිබුණි.
1 සාමුවෙල් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 13:7-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ