1 සාමුවෙල් 11:12-15
1 සාමුවෙල් 11:12-15 SCV
ඉන්පසු ජනයා සාමුවෙල්ට කතා කොට, “ ‘සාවුල් අප කෙරේ රජකම් කරන්නේ දැ?’ යි ඇසුවෝ කවුරු ද? ඒ මිනිසුන් අප වෙත ගෙනෙන්න. අපි උන් මරා දමන්නෙමු” යි කීහ. එහෙත් සාවුල් පිළිතුරු දෙමින්, “කිසිවකුවත් අද මරණයට පත් කරන්නේ නැත. මන්ද අද දවසේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීම සැලසූ සේකැ” යි පැවසී ය. ඉන්පසු සාමුවෙල් ජනතාව අමතමින්, “එමු! අපි ගිල්ගාල්ට ගොස්, රජකම යළි ස්ථිර කරමු” යි පැවසී ය. එබැවින් ජනයා සියල්ලෝ ගිල්ගාල් වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සාවුල්, රජු වශයෙන් ස්ථිර කළහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ශාන්ති පූජා යාග කළහ. සාවුල් හා මුළු ඉශ්‍රායෙල් ජනයා එහිදී අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූහ.

