1 සාමුවෙල් 11:12-15

1 සාමුවෙල් 11:12-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ජනයා සාමුවෙල්ට කතා කොට, “ ‘සාවුල් අප කෙරේ රජකම් කරන්නේ දැ?’ යි ඇසුවෝ කවුරු ද? ඒ මිනිසුන් අප වෙත ගෙනෙන්න. අපි උන් මරා දමන්නෙමු” යි කීහ. එහෙත් සාවුල් පිළිතුරු දෙමින්, “කිසිවකුවත් අද මරණයට පත් කරන්නේ නැත. මන්ද අද දවසේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීම සැලසූ සේකැ” යි පැවසී ය. ඉන්පසු සාමුවෙල් ජනතාව අමතමින්, “එමු! අපි ගිල්ගාල්ට ගොස්, රජකම යළි ස්ථිර කරමු” යි පැවසී ය. එබැවින් ජනයා සියල්ලෝ ගිල්ගාල් වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සාවුල්, රජු වශයෙන් ස්ථිර කළහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ශාන්ති පූජා යාග කළහ. සාවුල් හා මුළු ඉශ්‍රායෙල් ජනයා එහිදී අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූහ.

1 සාමුවෙල් 11:12-15 Sinhala Revised Old Version (SROV)

සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය. සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය. එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය. මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.

1 සාමුවෙල් 11:12-15 Sinhala New Revised Version (NRSV)

එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය. එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය. එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය. සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.

1 සාමුවෙල් 11:12-15 Sinhala New Revised Version 2018 (SNRV)