1 සාමුවෙල් 11:1-5

1 සාමුවෙල් 11:1-5 SCV

අම්මොනීය නාහාෂ් අවුත්, යාබේෂ්-ගිලියාද් වටලා ගත්තේ ය. එවිට යාබේෂ්-ගිලියාද්හි සියලු මිනිස්සු නාහාෂ්ට කතා කොට, “අප සමඟ ගිවිසුමක් කරන්න; එවිට අපි ඔබට සේවය කරන්නෙමු” යි කීහ. එහෙත් අම්මොන්වර නාහාෂ් පිළිතුරු දෙමින්, “මෙම කොන්දේසිය මත පමණක් මම නුඹලා සමඟ ගිවිසුමක් කරන්නම්. මුළු ඉශ්‍රායෙල් පිට නිග්‍රහය ගෙනෙන පිණිස මා නුඹලා හැමකකුගේ දකුණු ඇස උගුලන්නෙමි” යි කීවේ ය. යාබේෂ් වැඩිහිටියෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපට හත් දවසක් කල් දෙන්න මුළු ඉශ්‍රායෙල් භූමිය පුරා පණිවුඩකරුවන් යවන පිණිස. අප මුදා ගන්නට කිසිවකු නො වූවොත්, අප ඔබට යටත් වෙනවා” යි කීහ. පණිවුඩකරුවන් සාවුල් සිටි ගිබෙයා වෙත පැමිණ, එම කාරණය ජනයාට සැල කළ විට, ඔවුහු සියල්ලෝ හඬ නගා වැලපෙන්නට වන්හ. මෙන්න! එවිට ම සාවුල් කෙත් වත්හි සිට තම ගවයන් පිටුපසින් පැමිණියේ ය. “මොකක් ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඔවුන් සැවොම හඬා-වැටෙන්නේ මන්දැ?” යි සාවුල් ඇසී ය. එවිට ඔවුහු යාබේෂ් වැසියන් පැවසූ දෑ ඔහුට පැවසූහ.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 11:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය