1 පේතෘස් 4:7-14

1 පේතෘස් 4:7-14 SCV

සියල්ලේ අවසානය ළං ව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න. ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේට ම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න. මැසිවිල්ලෙන් තොර ව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න. යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහි දී ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්. ප්‍රේමණීයයනි, ඔබ පරීක්ෂා කරන්නට දැවෙන පරීක්ෂා ඔබ පිට පැමිණි කල, ඔබට මහ අමුතු දෙයක් සිදු වෙතැයි විස්මිත නො වන්න; උන්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වන කල ඔබත් ප්‍රීති වන, ප්‍රමෝද වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමට ඔබත් පංගුකාර වන තරමට ප්‍රීති වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා ඔබ නින්දාවට පත් වේ නම්, ඔබ භාග්‍යවත් ය. මන්ද තේජසේ ද දෙවියන්වහන්සේගේ ද ආත්මයාණෝ, ඔබ මත නැවතී සිටින සේක.

මෙයට අදාළ වීඩියෝ

1 පේතෘස් 4:7-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය