1 පේතෘස් 2:19-23
1 පේතෘස් 2:19-23 SCV
දෙවියන්වහන්සේ කෙරෙහි වූ හෘදය සාක්ෂිය නිසා යමෙක්, අසාධාරණයේ පීඩා විඳ දරා ගන්නේ නම් එය ප්‍රශංසනීය ය. මන්ද ඔබ වරද කර, එනිසා ලැබෙන පහරකෑම විඳ දරා ගැනීමේ ඇති ගෞරවය කිමෙක් ද? එහෙත් හරි දෙයක් කිරීම නිසා එන වධ වේදනා ඔබ ඉවසිල්ලෙන් විඳ දරා ගනී නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය ප්‍රශංසනීය ය. ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක. “උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.” උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන් ම භාරවන්නට වූ සේක.


