අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපගේ පියවරුන් සමඟ සිටි පරිදි, අප සමඟ ද වන සේක්වා! උන්වහන්සේ කිසි කල අප හැර යෑම හෝ අප අත්හැරීම නො කරත්වා! උන්වහන්සේගේ සියලු මාර්ගවල ගැවසෙන පිණිසත්, උන්වහන්සේ අපගේ පියවරුන්ට දුන් උන්වහන්සේගේ ආඥා හා නියෝග ද උන්වහන්සේගේ නියමයන් ද රක්ෂා කරන පිණිසත්, උන්වහන්සේ අපගේ හදවත් තමන්වහන්සේ වෙත යොමු කරවන සේක්වා! උන්වහන්සේගේ මෙහෙකරුගේත්, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේත් ඒ ඒ දවසේ අවශ්‍යතා අනුව කාරණ කටයුතු දරා සිටින පිණිස, ස්වාමින්වහන්සේ ඉදිරියේ යාච්ඤාවෙන් මා කී මගේ මේ වචන රෑ දාවල් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමීපයෙහි පවතීවා! එවිට ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ වගත්, උන්වහන්සේ හැර අන් දෙවියන්වහන්සේ කෙනෙක් නැති වගත්, මිහි පිට සියලු ජාතීන් දැනගන්නවා ඇත. එබැවින් උන්වහන්සේගේ නියෝගවලට හා උන්වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන පිණිස, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔබගේ හදවත් අද දවසේ තිබෙන පරිදි මුළුමනින් ම කැප ව තිබේවා!” යි පැවසී ය.
1 රාජාවලිය 8 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 8:57-61
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ