1 රාජාවලිය 8:37-43

1 රාජාවලිය 8:37-43 SCV

“දේශය පිට සාගතය හෝ වසංගතය හෝ කොළ-රෝගය හෝ පුස් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් පැමිණි කල, නැතහොත් ඔවුන්ගේ සතුරකු විසින් ඔවුන්ගේ යම් පුරවරයක් වටලා ගත් කල, කවර උවදුරක් හෝ රෝගයක් පැමිණි කල, යම් මිනිසකු හෝ ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් සැවොම හෝ ඒ එකිනෙකා තම සිතේ සංතාපය වටහා ගෙන, තම දෑත් මේ ගෘහය දෙසට විහිදා, යාච්ඤාවක් හෝ කන්නලව්වක් ඔප්පු කළහොත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, කමා වී, ක්‍රියා කළ මැනව; එක් එක් කෙනාගේ සිත දන්නා ඔබ, ඒ සියල්ලන්ගේ මාර්ග අනුව ප්‍රතිවිපාක දුන මැනව; මන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ හදවත දන්නේ ඔබවහන්සේ ය. ඔබ පමණක් ම ය. ඒ, අපගේ පියවරුන්ට ඔබ දුන් දේශයේ ඔවුන් වාසය කරන හැම කල්හි ඔවුහු ඔබට භය පක්ෂපාතී ව සිටින පිණිස ය. “ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ට අයත් නො වන විදෙස්සකු ඔබගේ නාමය නිසා දුර රටක සිට එන්නේ නම්– ඔබගේ ශ්‍රේෂ්ඨ නාමය ද ඔබගේ බලවත් හස්තය ද ඔබගේ දිගු කළ බාහුව ද ගැන ඔවුන් අසා, අවුත්, මේ ගෘහය දෙසට හැරී, ඔබට යාච්ඤා කරන්නේ නම්– ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, ඔබගේ ම ජනයා වන ඉශ්‍රායෙල් කරන පරිද්දෙන් මිහි පිට සිටින සියලු ජාතීන් ඔබගේ නාමය දැන, ඔබට භය වන පිණිසත්, මා විසින් ඉදි කොට ඇති මේ ගෘහය ඔබගේ නාමය දරන වග ඔවුන් දැනගන්නා පිණිසත් විදෙස්සා ඔබෙන් ඉල්ලන කවරක් වුව ඉටු කර දුන මැනවි.

මෙයට අදාළ වීඩියෝ

1 රාජාවලිය 8:37-43 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය