1 රාජාවලිය 8:27-30
1 රාජාවලිය 8:27-30 SCV
“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ වාසය කරන සේක් ද? ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට, මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, අද දින ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. ‘මගේ නාමය එහි වන්නේ යැ’ යි ඔබවහන්සේ කී ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී, ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව.

