1 රාජාවලිය 8:27-30
1 රාජාවලිය 8:27-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ වාසය කරන සේක් ද? ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට, මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, අද දින ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. ‘මගේ නාමය එහි වන්නේ යැ’ යි ඔබවහන්සේ කී ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී, ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව.
1 රාජාවලිය 8:27-30 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද? එහෙත් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුවමැනව. මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව. ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.
1 රාජාවලිය 8:27-30 Sinhala New Revised Version (NRSV)
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද? එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව. ‘මාගේ නාමය එහි වන්නේ ය’ කියා ඔබ යම් ස්ථානයක් ගැන වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ දෙනෙත් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.
1 රාජාවලිය 8:27-30 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 8:27-30 New International Version (NIV)
“But will God really dwell on earth? The heavens, even the highest heaven, cannot contain you. How much less this temple I have built! Yet give attention to your servant’s prayer and his plea for mercy, LORD my God. Hear the cry and the prayer that your servant is praying in your presence this day. May your eyes be open toward this temple night and day, this place of which you said, ‘My Name shall be there,’ so that you will hear the prayer your servant prays toward this place. Hear the supplication of your servant and of your people Israel when they pray toward this place. Hear from heaven, your dwelling place, and when you hear, forgive.