1 රාජාවලිය 3:3-10

1 රාජාවලිය 3:3-10 SCV

උස් තැන් පුදසුන් පිට යාග පූජා ඔප්පු කිරීම හා සුවඳ දුම් දැවීම හැරුණු කොට, තම පියා වූ දාවිත්ගේ නියමයන් අනුව හැසිරීමෙන් සාලමොන් ස්වාමින්වහන්සේට ප්‍රේම කළේ ය. රජු යාග පූජා ඔප්පු කරන්නට ගිබෙයොන්ට ගියේ ය. ප්‍රධානතම උස් තැන් පුදසුන වූයේ එයයි. සාලමොන් එම පූජාසනය මත දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ගිබෙයොන්හි දී ස්වාමින්වහන්සේ සාලමොන්ට රෑ සිහිනයකින් පෙනුණු සේක; දෙවියන්වහන්සේ, “මා ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ඔබගේ සේවක, මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක. ඔහු ඔබවහන්සේට විශ්වසනීය ව, ධර්මිෂ්ඨකමින් ද හදේ අවංකකමින් ද සිටියේ ය. ඔබවහන්සේ ඒ ඉමහත් දයා කරුණාව දිගට ම දක්වමින්, මේ අද දවසේ තිබෙන ලෙස ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට ඔහුට පුතකු දුන් සේක. “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, දැන් ඔබ, ඔබගේ සේවකයා රජ කොට, මා පිය දාවිත් වෙනුවට පත් කර තිබේ. එහෙත් මා තවමත් ලාබාලයි. මට පැවරුණු කාර්යය කෙලෙස කරන්නේදැයි හරි හැටි මා දන්නේ නැත. දැන් ඔබේ සේවකයා ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් අසංඛ්‍ය වූ මහා ජනකායක් වන තෝරාගත් ඔබේ ජනයා අතර සිටී. එබැවින් ඔබේ ජනයා ආණ්ඩු කරන්නටත්, හොඳ-නරක ගැන විචාර බුද්ධියත් ඔබේ සේවකයාට වටහාගැන්මේ හදවතක් දුන මැනව; මන්ද ඔබේ මේ ශ්‍රේෂ්ඨ ජනතාව ආණ්ඩු කරන්නට හැකි සමතා කවුරු දැ?” යි පැවසී ය. සාලමොන් එසේ ඉල්ලූ බැවින් ස්වාමින්වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක.

1 රාජාවලිය 3:3-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය