1 රාජාවලිය 3:11-12

1 රාජාවලිය 3:11-12 SCV

එබැවින් දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබ මේ දෑ ඉල්ලූ බැවින් ඔබට දීර්ඝායුෂවත්, ධන සම්පත්වත්, ඔබේ සතුරන්ගේ මරණයවත් නො ඉල්ලා යුක්තිය ඉටු කරන පිණිස ඥානය ඉල්ලූ බැවින්, ඔබ ඉල්ලූ දේ මම ඉටු කරන්නෙමි. එබැවින් ඔබ හා සමාන කෙනකු මින් පෙර සිටියේවත්, මින් පසු සිටින්නේවත් නැති තරමට මම ඔබට ප්‍රඥාවත්, විචාර බුද්ධියත් සහිත හදවතක් දෙන්නෙමි.