1 රාජාවලිය 22:1-5
1 රාජාවලිය 22:1-5 SCV
අරාම් සහ ඉශ්‍රායෙල් අතර වසර තුනක් යුද්ධ නො වී ය. එහෙත් තුන් වන වසරේ යූදා රජු වූ යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු බැහැ දකින්නට ගියේ ය. ඉශ්‍රායෙල් රජු තම නිලධාරීන් අමතමින්, “රාමොත්-ගිලියාද් අපට අයිති වග ඔබ දන්නේ නැද්ද? එහෙත් අරාම්හි රජුගෙන් එය ආපසු ගැනීමට අප කිසිවක් කර නැතැ” යි පැවසී ය. එබැවින් ඔහු යෙහෝෂාෆාට් අමතමින්, “රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්නට ඔබ මා සමඟ යනවා දැ?” යි ඇසී ය. යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජුට පිළිතුරු දෙමින්, “මමත් ඔබ වගෙයි; මගේ ජනයා ඔබේ ජනයා වගෙයි; මගේ අශ්වයින් ඔබේ අශ්වයින් වාගේ යැ” යි පැවසී ය. තවද යෙහෝෂාෆාට් ඉශ්‍රායෙල් රජු අමතමින්, “පළමුවෙන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් විමසන්නැ” යි කීවේ ය.

