1 රාජාවලිය 19:10-11
1 රාජාවලිය 19:10-11 SCV
ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා; ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “පිටතට ගොස්, කන්ද උඩ ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටගන්න. මන්ද ස්වාමින්වහන්සේ පසු කර යන සේකැ” යි පැවසූ සේක. එවිට මහ බලවත් සුළඟක් හමා, ස්වාමින්වහන්සේට පෙරටුව කඳු ඉරා, පර්වත බිඳ හෙළී ය; එහෙත් ස්වාමින්වහන්සේ සුළඟේ නො වූ සේක. සුළඟට පසු, භූමිකම්පාවක් විය. එහෙත් ස්වාමින්වහන්සේ භූමිකම්පා වේ නො වූ සේක.


