1 රාජාවලිය 18:42-46

1 රාජාවලිය 18:42-46 SCV

එබැවින් ආහාබ් කන්නටත්, බොන්නටත් පිටත් ව ගියේ ය. එහෙත් එලියා කර්මෙල් කඳු මුඳුනට නැග, බිම නැමී, දෙදණ අතරේ තම මුහුණ තබා ගත්තේ ය. ඔහු තම මෙහෙකරු අමතමින්, “ගොස්, මුහුද දිසාව බලන්නැ” යි කීවේ ය. ඔහු ගොස්, බැලී ය. “කිසිවක් පෙනෙන්නට නෑ” යි ඔහු කී ය. එලියා, “නැවත යන්නැ” යි හත් වතාවක් කීවේ ය. හත්වෙනි වතාවේදී, “අන්න! මිනිසකුගේ අතක් වගේ කුඩා වලාකුළක් මුහුදින් නැගී එනවා” යි සේවකයා කීවේ ය. එවිට එලියා, “යන්න, ආහාබ්ට කතා කොට, ‘වැස්ස ඔබ නතර කරන්නට කලින් රථය සූදානම් කර ගෙන යන්න’ කියා කියන්නැ” යි කීවේ ය. ඒ අතර අහස කළු වී, වලාකුළින් බර වී, සුළඟ ද හැමී ය. මහ වර්ෂාවක් කඩා හැලුණේ ය. ආහාබ් යෙස්රෙයෙල් වෙත රථයේ නැග ගියේ ය. ස්වාමින්වහන්සේගේ ආනුභාවය එලියා පිට පැමිණියෙන්, ඔහු තම ලෝගුව, තම ඉඟටිය දක්වා කැසපට ගසා, ආහාබ්ට පෙරටුව යෙස්රෙයෙල් දක්වා ම දිවුවේ ය.

1 රාජාවලිය 18:42-46 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය