1 රාජාවලිය 18:42-46

1 රාජාවලිය 18:42-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ආහාබ් කන්නටත්, බොන්නටත් පිටත් ව ගියේ ය. එහෙත් එලියා කර්මෙල් කඳු මුඳුනට නැග, බිම නැමී, දෙදණ අතරේ තම මුහුණ තබා ගත්තේ ය. ඔහු තම මෙහෙකරු අමතමින්, “ගොස්, මුහුද දිසාව බලන්නැ” යි කීවේ ය. ඔහු ගොස්, බැලී ය. “කිසිවක් පෙනෙන්නට නෑ” යි ඔහු කී ය. එලියා, “නැවත යන්නැ” යි හත් වතාවක් කීවේ ය. හත්වෙනි වතාවේදී, “අන්න! මිනිසකුගේ අතක් වගේ කුඩා වලාකුළක් මුහුදින් නැගී එනවා” යි සේවකයා කීවේ ය. එවිට එලියා, “යන්න, ආහාබ්ට කතා කොට, ‘වැස්ස ඔබ නතර කරන්නට කලින් රථය සූදානම් කර ගෙන යන්න’ කියා කියන්නැ” යි කීවේ ය. ඒ අතර අහස කළු වී, වලාකුළින් බර වී, සුළඟ ද හැමී ය. මහ වර්ෂාවක් කඩා හැලුණේ ය. ආහාබ් යෙස්රෙයෙල් වෙත රථයේ නැග ගියේ ය. ස්වාමින්වහන්සේගේ ආනුභාවය එලියා පිට පැමිණියෙන්, ඔහු තම ලෝගුව, තම ඉඟටිය දක්වා කැසපට ගසා, ආහාබ්ට පෙරටුව යෙස්රෙයෙල් දක්වා ම දිවුවේ ය.

1 රාජාවලිය 18:42-46 Sinhala Revised Old Version (SROV)

ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන: නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය. සත්වෙනි වර ඔහු කථාකොට: මනුෂ්‍යයෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මුහුදෙන් නැගී එන්නේයයි කීවේය. ඔහුද: වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම්කරගෙන ගිය මැනවැයි කියා නුඹ ගොස් ආහබ්ට කියන්නැයි කීවේය. ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය. ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.

1 රාජාවලිය 18:42-46 Sinhala New Revised Version (NRSV)

ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල්‍ කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන, “ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය. සත් වන වර ඔහු කතා කොට, “මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, “ ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය. ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය. සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.

1 රාජාවලිය 18:42-46 Sinhala New Revised Version 2018 (SNRV)