1 රාජාවලිය 11
11
සාලමොන්ගේ බිසෝවරු
1සාලමොන් රජු, පාරාවෝගේ දියණියට අමතරව, විජාතික බොහෝ කාන්තාවනට එනම් මෝවබ්, අම්මොන්, ඒදොම්, සීදොන් හා හිත්තීය කාන්තාවනට ආලය වූයේ ය. 2ස්වාමින්වහන්සේ ඉශ්රායෙල්වරුන් අමතා, “ඔබ ඔවුන් සමඟවත්, ඔවුන් ඔබ සමඟවත් ආවාහ විවාහ නො කළ යුත්තේ, සැබවින් ම ඔවුන් ඔබගේ සිත්, ඔවුන්ගේ දෙවිවරුන් වෙත හැරවිය හැකි බැවිනි” යි කියා තිබුණේ මෙම ජාතීන් පිළිබඳව ය. එහෙත් සාලමොන් ඔවුන්ට බෙහෙවින් ආලය වූයේ ය. 3ඔහුට රාජ කුමාරිකා භාර්යාවන් හත්සියයක් ද අතිරේක භාර්යාවන් තුන්සියයක් ද වූහ. ඔහුගේ භාර්යාවරු ඔහුගේ හද මුළා කළහ. 4සාලමොන් වයසින් වැඩෙද්දී, ඔහුගේ භාර්යාවන් ඔහුගේ හදවත අන් දෙවිවරුන් වෙත හැරවූයෙන්, ඔහුගේ හදවත ඔහුගේ පියා වූ දාවිත්ගේ හදවත මෙන් ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මුළුමනින් කැප ව නො තිබිණි. 5ඔහු සීදොන්වරුන්ගේ දේවතාවී වන අෂ්තොරෙත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල් දෙවියා වන මිල්කොම් අනුගමනය කළේ ය. 6එසේ සාලමොන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය; ඔහු තම පියා වූ දාවිත් මෙන් මුළුමනින් ස්වාමින්වහන්සේ අනුගමනය කළේ නැත.
7යෙරුසලමට නැගෙනහිර කන්දේ සාලමොන් මෝවබ්ගේ පිළිකුල් දෙවියා වන කෙමොෂ්ටත්, අම්මොන්ගේ පිළිකුල් දෙවියා වන මොලෙක්ටත් උස් තැන් පූජාසනයක් ඉදි කළේ ය. 8තම තමන්ගේ දෙවියනට සුවඳ දුම් දැවූ, යාග පූජා පිදූ විදෙස් භාර්යාවන් හැම දෙනාට ඔහු එලෙස සාදා දුන්නේ ය.
9දෙවරක් තමන්ට පෙනුණු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් ඔහුගේ හදවත ඉවත හැරී තිබූ බැවින්, ස්වාමින්වහන්සේ සාලමොන් සමඟ කෝප වූ සේක. 10අන් දෙවිවරුන් අනුව නො යන්නැයි සාලමොන්ට ස්වාමින්වහන්සේ අණ කර තිබූ නමුදු, ඔහු උන්වහන්සේගේ අණ රක්ෂා කළේ නැත. 11එබැවින් ස්වාමින්වහන්සේ සාලමොන්ට කතා කොට, “ඔබ මගේ ගිවිසුමත්, මා ඔබට අණ කළ මගේ නියෝගත් රක්ෂා නො කර, මෙසේ කළ බැවින්, ඇත්ත වශයෙන් ම රාජ්‍යය මම ඔබෙන් ඉරා, ඔබේ මෙහෙකරුට දෙන්නෙමි. 12කෙසේ වෙතත්, ඔබේ පියා වූ දාවිත් නිසා මා ඔබේ ජීවිත කාලයේදී එසේ කරන්නේ නැත. මා එය ඉරා දමන්නේ, එය ඔබේ පුත්‍රයාගේ අතේ තිබියදී ය. 13එසේ වුවත් මුළු රාජ්‍යය ම මා ඔහුගෙන් ඉරා දමන්නේ නැත; මගේ සේවක දාවිත් නිසාත්, මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත්, ඔහුට එක් ගෝත්‍ර වංශයක් දෙන්නෙමි” යි පැවසූ සේක.
එදිරිවාදීන්
14තවද ස්වාමින්වහන්සේ සාලමොන්ට එරෙහිව එදිරිකාරයකු නැගිටෙවූ සේක. ඔහු ඒදොම් රජ පෙළපතෙන් පැවතෙන ඒදොමීය හදද් ය. 15පෙරදී දාවිත් ඒදොම්හි සිටියදී, මරා දමනු ලැබූවන් වළලන්නට ගිය හමුදාපති යෝවාබ්, ඒදොම් වාසී පිරිමි සියල්ලන් ගසා හෙළී ය. 16ඔවුන් ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තෙක්, යෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු හය මසක් එහි නැවතී සිටියහ. 17එකල කොලු ගැටයකු ව සිටි හදද් තම පියාට සේවය කළ ඒදොමීය නිලධාරීන් කීප දෙනකු සමඟ ඊජිප්තුවට පලා ගියේ ය. 18ඔවුහු මිදියන් වෙතින් පාරාන්ට පලා ගියහ. පාරාන්හි සිටි මිනිසුන් සමඟ ඔවුහු ඊජිප්තුවට, ඊජිප්තු රජු වූ පාරාවෝ වෙත ගියහ. රජු හදද්ට නිවසක් ද ඉඩම් ද ආහාර පාන ද සපයා දුන්නේ ය.
19හදද් කෙරේ ඉතා ප්‍රසන්න වූ පාරාවෝ තමාගේ ම බිරිඳ වූ තාපෙනේස් බිසවගේ සොයුරිය ඔහුට විවාහ කර දුන්නේ ය. 20තාපෙනේස්ගේ සොයුරිය ඔහුට පුතකු බිහි කර දුන්නා ය. ඔහුගේ නම ගෙනුබත් ය. තාපෙනේස් රජ මැදුරේදී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත්, පාරාවෝගේ ම දරුවන් සමඟ එහි වාසය කළේ ය.
21දාවිත් තම පියවරුන් සමඟ සැතපුණු වගත්, හමුදාපති යෝවාබ් ද මිය ගිය වගත් හදද්ට ඊජිප්තුවේදී සැල විය. ඉන්පසු හදද් පාරාවෝ අමතා, “මගේ ම රටට පෙරළා යන්නට මට අවසර දෙන්නැ” යි පැවසී ය.
22පාරාවෝ, “පෙරළා ඔබගේ රටට යන්නට ඔබට මෙහි මොනවයින් අඩුවක් දැ?” යි ඇසී ය.
“කිසිවකින් අඩුවක් නෑ. ඒත් යන්නට මට අවසර” යි පැවසී ය.
23තවද දෙවියන්වහන්සේ, සාලමොන්ට එරෙහිව තවත් එදිරිවාදියකු නැගිට වූ සේක. ඒ, එලියාදාගේ පුත් රෙසෝන් ය. ඔහු තම හාම්පුතා වූ සෝබාහි රජු වූ හදද්එසෙර් වෙතින් පලා ගොස් සිටියේ ය. 24දාවිත් සෝබාහි හමුදාව විනාශ කළ පසු, රෙසෝන් තමා වටා මිනිසුන් එක් රැස් කර ගෙන, කැරලි කල්ලියක නායකයා බවට පත් විය. ඔවුහු දමස්කය වෙත ගොස්, එහි පදිංචි වී, රාජ්‍ය පාලන කළහ. 25හදද් කළ හානියට අමතරව සාලමොන් ජීවත් වූ තාක් කල් රෙසෝන්, ඉශ්රායෙල්ට සතුරු ව සිටියේ ය. මෙසේ රෙසෝන්, අරාම් පාලනය කළ අතර ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට සැලකී ය.
සාලමොන්ට එරෙහිව විරසකය
26නෙබාට්ගේ පුත් යෙරොබොවම් ද රජුට එරෙහිව කැරලි ගැසී ය. සාලමොන්ගේ නිලධාරියකු වූ ඔහු සෙරේදාහි එප්‍රායිම් වැසියෙකි. වැන්දඹු කාන්තාවක වූ ඔහුගේ මවගේ නම සෙරූවා ය.
27ඔහු රජුට එරෙහිව කැරලි ගැසුවේ මෙසේ ය. සාලමොන් මිල්ලෝ#11:27 මිල්ලෝ එනම් පස් පිර වූ රැඳවුම් පවුරු ගොඩ නගා, තම පියා වූ දාවිත්ගේ පුරයේ පවුරු කපොල්ල වසා දැමී ය. 28යෙරොබොවම් සවිමත්, දක්ෂ මිනිසෙකි; ඒ යෞවන මිනිසා තමාගේ කාර්ය භාරය මැනවින් ඉටු කරනු දුටු සාලමොන්, යෝසෙප් වංශයේ බර වැඩ බාරකාරත්වයට ඔහු පත් කළේ ය.
29ඒ කාලයේ පමණ යෙරොබොවම්, යෙරුසලමෙන් පිටතට ගමන් කරමින් සිටි විටෙක අලුත් කබායක් හැඳි, දිවැසිවරයෙකු වූ ෂීලෝහි අහියා අතර මගදී ඔහුට මුණගැසුණේ ය. ඔවුන් දෙදෙනා සිටියේ තනි ව ය; එළිමහන් තැනක ය. 30අහියා තමා ඇඟ ලා සිටි අලුත් කබාය අල්ලා කොටස් දොළසකට එය ඉරුවේ ය. 31ඉන්පසු යෙරොබොවම් ඇමතූ ඔහු, “කොටස් දහයක් ඔබ ගන්න; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘මෙන්න, මම සාලමොන් අතින් රාජ්‍යය පැහැර, ඔබට ගෝත්‍ර දහයක් දෙන්නෙමි. 32එහෙත් මගේ සේවක දාවිත් නිසාත්, ඉශ්රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් මා තෝරාගත් යෙරුසලම් පුරය නිසාත් ඔහුට එක් ගෝත්‍රයක් තිබෙනු ඇත. 33මා එසේ කරන්නේ ඔවුන් මා අත්හැර, සීදොන්වරුන්ගේ දේවතාවී අෂ්තොරෙත්ටත්, මෝවබ්වරුන්ගේ දෙවි කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ දෙවි මිල්කොම්ටත් වැඳුම් පිදුම් කොට, සාලමොන්ගේ පියා වූ දාවිත් කළ පරිද්දෙන් මගේ මාර්ගවල ගමන් නො කර, මගේ ඇස් හමුවේ හරි ව තිබූ දේ නො කොට, මගේ නියෝග ද නියමයන් ද රක්ෂා නො කළ බැවිනි.
34“ ‘එහෙත් සමස්ත රාජ්‍යය ම සාලමොන් වෙතින් මා ගන්නේ නැත; මා විසින් තෝරා ගන්නා ලද මගේ ආඥා ද මගේ නියෝග ද රක්ෂා කළ මගේ සේවක දාවිත් නිසා, සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහු පාලකයා කොට මම පත් කර ඇත්තෙමි. 35මම ඔහුගේ පුතු අතින් රාජ්‍යය ගෙන, ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි. 36මගේ නාමය තබන්නට මා තෝරාගත් යෙරුසලමෙහි මගේ සේවක දාවිත්ට මා ඉදිරියේ නිතර ම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුතුට එක් ගෝත්‍රයක් දෙන්නෙමි. 37කෙසේ වුව ද මම ඔබ පිළිගන්නෙමි. ඔබ ආශා කරන සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇත. ඔබ ඉශ්රායෙල් කෙරෙහි රජ වනු ඇත. 38මා ඔබට අණ කරන කවරක් වුව කරමින්, මගේ මාර්ගවල හැසිරෙමින්, මගේ සේවක දාවිත් කළ පරිදි මගේ නියෝග හා මගේ ආඥා රක්ෂා කරමින්, මගේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කරන්නේ නම්, මම ඔබ සමඟ සිටින්නෙමි. දාවිත්ට ගොඩ නගා දුන් ලෙස මම පවතින රාජ වංශයක් ඔබට ගොඩ නගා දෙන්නෙමි. ඉශ්රායෙල් ඔබට බාර දෙන්නෙමි. 39මේ කාරණය නිසා, මම දාවිත්ගෙන් පැවත එන්නවුන් යටහත් කරන්නෙමි. එහෙත් සදහට ම නො වේ.’ ”
40සාලමොන්, යෙරොබොවම් මරන්නට තැත් දැරී ය. එහෙත් යෙරොබොවම් ඊජිප්තුවට, ෂීෂක් රජු වෙතට පලා ගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.
සාලමොන්ගේ මරණය
41සාලමොන් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහු විදහා පෑ ප්‍රඥාව ද සාලමොන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 42සාලමොන් යෙරුසලමෙහි මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු හතළිහකි. 43ඉන්පසු සාලමොන් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පියා වූ දාවිත්ගේ පුරයේදී ඔහු භූමදාන කෙරිණි. ඔහු වෙනුවට ඔහුගේ පුත් රෙහොබොවම් රජකමට පත් විය.
දැනට තෝරාගෙන ඇත:
1 රාජාවලිය 11: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: