1 රාජාවලිය 10
10
ෂෙබාහි රැජින
1සාලමොන්ගේ කීර්තියත්, ස්වාමින්වහන්සේට ඇති ඔහුගේ සබඳතාවත් ගැන ඇසූ, ෂෙබායේ රැජින, අසීරු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. 2ඇය යෙරුසලමට පැමිණියේ සුවඳ ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් රත්රන් ද අනර්ඝ මැණික් ගල් ද පැට වූ ඔටුවන් සහිත විශාල තවලමක් සමඟ ය. සාලමොන් හමුවට පැමිණි ඈ, ඇගේ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසුවා ය. 3සාලමොන් ඇගේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයී ය; ඇයට පහදා දෙන්නට අපහසු වූ කිසිවක් රජුට නො වී ය. 4ෂෙබායේ රැජින, සාලමොන්ගේ සියලු ප්‍රඥාව ද ඔහු ඉදිකර තිබූ මන්දිරය ද 5ඔහුගේ මේසය මත වූ ආහාර ද ඔහුගේ නිලධාරීන්ගේ අසුන් ගැනීමේ පිළිවෙළ ද ඔහුගේ මෙහෙකරුවන්ගේ මෙහෙය හා ඔවුන්ගේ නිල ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ඔහු ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල, තූෂ්ණීම්භූත වූවා ය.
6ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව පිළිබඳව මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. 7එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. ඇත්තෙන් ම එයින් අඩක්වත් මට කියා නැත. ඔබේ ප්‍රඥාවත්, වත්-පොහොසත්කමත් මා අසා තිබුණාට වඩා බොහෝ වැඩි ය. 8ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! 9ඔබ කෙරේ ප්‍රසාදයෙන් ඉශ්‍රායෙල් සිහසුනේ ඔබ හිඳ වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට සදහට ම ප්‍රේම කළ බැවින්, යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔබ රජකමට පත් කළ සේකැ” යි පැවසුවා ය.
10ඉන් අනතුරුව ඈ, රන් තලෙන්ත එකසිය විස්සක්#10:10 මෙට්‍රික් ටොන් 4ක් පමණ ද සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින, සාලමොන් රජුට දුන් සුවඳ ද්‍රව්‍ය තරම් ප්‍රමාණයක් යළි කිසි දින නො ලැබුණි.
11ඕෆීර් සිට හීරාම්ගේ නැව්වලින් රත්රන් ගෙනෙන ලදී. ඔවුහු සඳුන් දැව#10:11 සඳුන් දැව එනම් අල්මුග් ලී විශාල තොගයක් ද මැණික් ද රැගෙන ආහ. 12ස්වාමින්වහන්සේගේ ගෘහය හා රජ මැදුර සඳහා ආධාරක වැටවල් සෑදීමටත්, සංගීතවේදීන් උදෙසා මහ වීණා හා වීණා සෑදීමටත් රජු ඒ සඳුන් දැව භාවිත කළේ ය. අද දක්වා යළි ඒ සා ප්‍රමාණයක් සඳුන් දැව ආනයන කර හෝ දැක හෝ නැත.
13සාලමොන් රජු තම රාජකීය සම්පතෙන් ෂෙබාහි රැජිනට දුන් දෑ හැර, ඇය ආශා කළ, ඇය ඉල්ලූ සියල්ල ද දුන්නේ ය. ඉන්පසු ඈ, තම පිරිවර සමඟ තමන්ගේ රටට ආපසු ගියා ය.
සාලමොන්ගේ වත්කම්
14අවුරුද්දකදී සාලමොන්ට ලැබුණු රන්වල බර තලෙන්ත හයසිය හැට හයකි#10:14 මෙට්‍රික් ටොන් 23ක් පමණ. 15එය වෙළඳුන්ගෙන්, ව්‍යාපාරිකයින්ගෙන්, සියලු අරාබි රජුන්ගෙන් හා දේශයේ ආණ්ඩුකාරවරුන්ගෙන් ලැබුණු බදු ආදායමට අමතරව ය.
16සාලමොන් රජු තැලූ රනින් මහා පලිහ දෙසියයක් සෑදී ය. ඒ හැම පලිහයක් ම තැලූ රන් ෂෙකෙල් හයසියයකින් යුතු විය. 17ඔහු තැලූ රනින් කුඩා පලිහ තුන්සියයක් සෑදී ය; ඒ හැම පලිහයක් ම රන් මිනා තුනකින්#10:17 කිලෝග්‍රෑම් 3.5ක් පමණ යුතු විය. රජු ඒවා ලෙබනොන් වනය නම් මැදුරේ තැබී ය.
18ඉන්පසු රජු ඇත්දත්වලින් විශිෂ්ට සිංහාසනයක් තනා, එය පවිත්‍ර රනින් වැසී ය. 19එම සිහසුනට පඩි හයක් තිබිණි. එහි පිටුපසින් වක්‍රාකාර මුදුනක් තිබිණි. ආසනයේ දෙපසේ අත් ඇඳි හා ඒ දෙපසේ සිටගත් සිංහ රූප දෙකක් විය. 20සෑම පඩියක ම දෙකෙළවර සිංහයකු බැගින් සිටගත් සිංහයින් දොළොස් දෙනකු පඩි හයෙහි විය. වෙනත් කිසි ම රාජ්‍යයක කිසි කලෙක එවැන්නක් සාදා තිබුණේ නැත. 21සාලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් නිමැවී තිබිණි. ලෙබනොන් වනය නම් මැදුරේ සියලු භාජන පවිත්‍ර රනින් නිමැවී ය. කිසිවක් රිදීයෙන් සෑදුවේ නැත. සාලමොන්ගේ සමයේදී රිදී වටිනා දෙයක් ලෙස ගණන් ගැනුණේ නැත. 22හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ මුහුදු ගිය තර්ෂිෂ් වෙළඳ නැව්#10:22 තර්ෂිෂ් වෙළඳ නැව් තවත් පරිවර්තනයක් නම් මහ මුහුදේ යන වෙළඳ නැව් කණ්ඩායමක් රජු සතු ව තිබිණි. රන් හා රිදී ද ඇත්දත් හා වඳුරන් ද මොණරුන් ද පටවාගත් තර්ෂිෂ් නැව් හැම තුන් වසරකට ම වරක් පෙරළා ආවේ ය.
23මෙසේ සාලමොන් රජු ධනයෙන් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය. 24මුළු ලෝකය ම සාලමොන් බැහැදැකීමට සෙවූහ. ඒ, දෙවියන්වහන්සේ ඔහුගේ හදවතේ තබන ලද ප්‍රඥාව අසන පිණිස ය. 25වසරක් පාසා ඔවුහු එකිනෙකා රිදී හා රන් භාණ්ඩ ද සළු, යුධ-අවි හා සුවඳ ද්‍රව්‍ය ද අශ්වයින් හා කොටළුවන් ද තෑගි වශයෙන් ගෙන ආහ.
26සාලමොන් අශ්ව-රථ හා අශ්වයින් රැස් කර ගත්තේ ය. ඔහුට රථ එක්දහස් හාරසියයක් හා අශ්වයින්#10:26 අශ්වයින් හෙවත් අසරුවන් දොළොස් දහසක් වූහ. ඔහු ඒවා රථගාල් නගරවල ද රජු සමඟ යෙරුසලමේ ද තැබී ය. 27රජු යෙරුසලමෙහි රිදී, ගල් මෙන් සුලබ වන්නටත් දේවදාර ගස්, කඳු බෑවුම්හි#10:27 කඳු බෑවුම්හි හෙබ්‍රෙව් ෂෙෆේලා සිකමෝර් අත්තික්කා ගස් මෙන් බහුල වන්නටත් සැලසී ය. 28සාලමොන්ගේ අශ්වයින් ඊජිප්තුවෙන් ද කුවේ#10:28 කුවේ එනම් සිලිසියා විය හැක. දේශයෙන් ද ආනයන කෙරිණ. රජුගේ වෙළෙන්දෝ කුවේ දේශයෙන් උන් මිල දී ගත්හ. 29ඔවුහු රථයක් රිදී ෂෙකෙල් හයසීයක්#10:29 කිලෝග්‍රෑම් 7ක් පමණ බැගින් ද අශ්වයකු රිදී ෂෙකෙල් එකසිය පනහක්#10:29 කිලෝග්‍රෑම් 1.7ක් පමණ බැගින් ද ඊජිප්තුවෙන් ආනයන කළහ. ඔවුහු උන් හිත්තිවරුන්ගේ හා අරාම්වරුන්ගේ රජවරුන්ට අපනයන කළහ.
දැනට තෝරාගෙන ඇත:
1 රාජාවලිය 10: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: