1 යොහන් 3:1-6

1 යොහන් 3:1-6 SCV

අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන් ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි. ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේ දැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙස ම අපි උන්වහන්සේ දකින්නෙමු. මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක් ම තමන් පවිත්‍ර කර ගන්නේ, උන්වහන්සේ පවිත්‍ර ව සිටින පරිද්දෙනි. පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත. උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගට ම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.

1 යොහන් 3:1-6 බයිබල් පදය සහිත රූපය

1 යොහන් 3:1-6 - අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන් ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි. ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේ දැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙස ම අපි උන්වහන්සේ දකින්නෙමු. මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක් ම තමන් පවිත්‍ර කර ගන්නේ, උන්වහන්සේ පවිත්‍ර ව සිටින පරිද්දෙනි.
පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත. උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගට ම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.