1 යොහන් 3:1-6

1 යොහන් 3:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන් ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි. ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේ දැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙස ම අපි උන්වහන්සේ දකින්නෙමු. මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක් ම තමන් පවිත්‍ර කර ගන්නේ, උන්වහන්සේ පවිත්‍ර ව සිටින පරිද්දෙනි. පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත. උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගට ම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.

1 යොහන් 3:1-6 Sinhala Revised Old Version (SROV)

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත. ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑමදෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක්මෙන් තමුන්ම පිරිසිදුකරගනිති. පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය. පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත. යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.

1 යොහන් 3:1-6 Sinhala New Revised Version (NRSV)

බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති. ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු. උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති. පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය. ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත. යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත.

1 යොහන් 3:1-6 Sinhala New Revised Version 2018 (SNRV)