1 යොහන් 2
2
1මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කරුවාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක. 2අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේ ම පාප උදෙසා ය.
ඇදහිලිවතුන්ට ප්‍රේම කිරීම හා වෛර කිරීම
3අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය. 4යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැති නම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත. 5එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි. 6උන්වහන්සේ තුළ පැවත සිටිනවායැයි කියන කවුරු වුවත්, උන්වහන්සේ කළ ලෙස ම පැවත සිටිය යුතු ය.
7ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි. 8අනෙක් අතට මා ඔබට ලියන්නේ උන්වහන්සේ තුළත්, ඔබ තුළත් සත්‍ය වූ අලුත් ආඥාවකි. මන්ද අන්ධකාරය පහ වී යයි; සත්‍ය ආලෝකය දැනටමත් බැබළෙමින් තිබේ.
9තමා ආලෝකයේ සිටින්නේ ය කියමින්, තම සහෝදරයාට වෛර කරන කවුරු වුව ද තවමත් අන්ධකාරයේ සිටියි. 10තම සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයේ පවතියි. පැකිළෙන්නට කිසි හේතුවක් ඔහු තුළ නැත. 11එහෙත් තම සහෝදරයාට වෛර කරන්නා සිටින්නේ අන්ධකාරයේ ය. ඔහු ගමන් කරන්නේ අන්ධකාරයේ ය. තමා කොහි යන්නේදැයි ඔහු නො දනී. මන්ද අන්ධකාරය, ඔහු අන්ධ කර ඇත.
මා ඔබට ලියන්නේ
12මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි,
උන්වහන්සේගේ නාමය නිසා, ඔබගේ පාප කමා කරනු ලැබ ඇති බැවිනි.
13මා ඔබට ලියන්නේ පියවරුනි,
ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි.
මා ඔබට ලියන්නේ තරුණයිනි,
ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.
14මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි,
ඔබ, පියාණන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි.
මා ඔබට ලියන්නේ පියවරුනි,

ඔබ ශක්තිමත් නිසාත්,
දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ වාසය කරන නිසාත්,
ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති නිසාත් ය.
ලෝකයට ආලය එපා
15ලෝකයටවත්, ලෝකයේ කිසිවකටවත් ප්‍රේම නො කරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරනවා නම්, පියාණන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ නැත. 16මන්ද මාංසික තෘෂ්ණා, ඇස පිනවන ආශා හා තමන් සන්තක දෑ ගැන උඩඟුව යන දෑ පියාණන්වහන්සේගෙන් නො වේ; ලෝකයෙන් ය. 17ලෝකය පහ වී යමින් තිබෙන්නේ, එහි තෘෂ්ණා ද සමඟ ය. එහෙත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු වුවත් සදහට ම පවතියි.
පුත්‍රයාණන් නො පිළිගැනීම ගැන අනතුරු ඇඟවීම
18දරුවනි, මේ අවසාන පැයයි. ව්‍යාජ-ක්‍රිස්තුස් ගැන ඔබ අසා ඇති පරිදි, දැනට ම ව්‍යාජ-ක්‍රිස්තුවරු බොහෝ දෙනෙක් පැමිණ සිටිති. මේ අවසන් පැය බව අප දන්නේ එනිසා ය. 19ඔවුන් අප වෙතින් පිටත් ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගට ම අප සමඟ සිටිය යුතු ව තිබිණි, එහෙත් ඔවුන් පිටත් ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.
20එහෙත් ඔබ, ශුද්ධ තැනැන්වහන්සේගෙන් ආලේපය ලබා ඇත; ඔබ හැමට දැනගැන්ම ඇත. 21මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත. 22බොරුකාරයා කවුරු ද? යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ය යන්න ප්‍රතික්ෂේප කරන්නා ය. ව්‍යාජ-ක්‍රිස්තුස් මොහු ය; පියාණන්වහන්සේ ද පුත්‍රයාණන්වහන්සේ ද ප්‍රතික්ෂේප කරන්නා ය. 23පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන කවරකුටවත් පියාණන්වහන්සේ ද නැත. පුත්‍රයාණන් පිළිගන්නා කවරකුට වුව ද, පියාණන්වහන්සේ ද ඇත.
24මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්‍රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී. 25උන්වහන්සේ අපට වූ පොරොන්දුව මෙයයි; එනම්, සදාතන ජීවනයයි.
26මා මේ ඔබට ලියන්නේ, ඔබ රවටන්නට උත්සාහ කරන්නවුන් ගැනයි. 27එහෙත් උන්වහන්සේගෙන් ඔබ ලැබූ ආලේපය ඔබ තුළ පැවත සිටී; එනිසා අන් කෙනකුගේ ඉගැන්වීමක් ඔබට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ඒ ආලේපය, හැම දෙයක් ගැන ම ඔබට උගන්වන ලෙස, එය සත්‍යය ය; බොරුවක් නො වේ; එය ඔබට ඉගැන් වූ පරිදි උන්වහන්සේ තුළ පැවත සිටින්න.
දෙවියන්වහන්සේගේ දරුවෝ
28දැන්, ප්‍රිය දරුවනි, උන්වහන්සේ තුළ පැවත සිටින්න, එවිට උන්වහන්සේ නැවත පෙනෙන්නට එන කල, අපට නිසැක විශ්වාසය තිබෙන පිණිසත්, උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරියේ ලජ්ජාවට පත් නො වන පිණිසත් ය.
29උන්වහන්සේ ධර්මිෂ්ඨ වග ඔබ දන්නවා නම්, ධර්මිෂ්ඨ ව ක්‍රියා කරන හැම කෙනෙක් ම උන්වහන්සේගෙන් ඉපිද සිටින වග ඔබට නිසැක වනු ඇත.
දැනට තෝරාගෙන ඇත:
1 යොහන් 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: