1 ලේකම් 5:23-26

1 ලේකම් 5:23-26 SCV

මනස්සේ අර්ධ ගෝත්‍ර වංශික ජනයා අධික ව බාෂාන් සිට බාල්-හෙර්මොන් හෙවත් සෙනීර් (හෙර්මොන් කන්ද) දක්වා දේශයේ වාසය කළහ. ඔවුන්ගේ පියවංශවල ප්‍රධානීහු මොවුහු ය: ඒෆෙර්, ඉෂී, එලියෙල්, අස්රියෙල්, යෙරමියා, හෝදවියා හා යාදියෙල් ය. අභීත රණවිරුවන් ද කීර්තිමත් මිනිසුන් ද වූ ඔවුහු තම පියවංශවල ප්‍රධානීන් වූහ. එහෙත් ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වී, දෙවියන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ දේශ-වාසීන්ගේ දෙවිවරුන් හා වේශ්‍යාකම් කළහ. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ අසිරියාවේ රජ වූ පූල් එනම් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිත පෙලඹ වූ සේක. ඔහු රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍රය ද පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු ඔවුන් හලා, හාබොර්, හාරා හා ගෝසාන් නදිය වෙත ගෙන ගියේ ය. ඔවුහු අද දක්වා එහි සිටිති.