1 වංශාවලිය 5:23-26

1 වංශාවලිය 5:23-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මනස්සේ අර්ධ ගෝත්‍ර වංශික ජනයා අධික ව බාෂාන් සිට බාල්-හෙර්මොන් හෙවත් සෙනීර් (හෙර්මොන් කන්ද) දක්වා දේශයේ වාසය කළහ. ඔවුන්ගේ පියවංශවල ප්‍රධානීහු මොවුහු ය: ඒෆෙර්, ඉෂී, එලියෙල්, අස්රියෙල්, යෙරමියා, හෝදවියා හා යාදියෙල් ය. අභීත රණවිරුවන් ද කීර්තිමත් මිනිසුන් ද වූ ඔවුහු තම පියවංශවල ප්‍රධානීන් වූහ. එහෙත් ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වී, දෙවියන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ දේශ-වාසීන්ගේ දෙවිවරුන් හා වේශ්‍යාකම් කළහ. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ අසිරියාවේ රජ වූ පූල් එනම් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිත පෙලඹ වූ සේක. ඔහු රූබෙන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේ අර්ධ ගෝත්‍රය ද පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු ඔවුන් හලා, හාබොර්, හාරා හා ගෝසාන් නදිය වෙත ගෙන ගියේ ය. ඔවුහු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:23-26 Sinhala Revised Old Version (SROV)

මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය. නුමුත් ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කොට උන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශකළ රටවැසියන්ගේ දෙවිවරුන් අනුව යාමෙන් වේශ්‍යාකම්කළෝය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:23-26 Sinhala New Revised Version (NRSV)

මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලිය 5:23-26 Sinhala New Revised Version 2018 (SNRV)