1 ලේකම් 22:1-5
1 ලේකම් 22:1-5 SCV
ඉන්පසු දාවිත් කතා කොට, “දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය තිබිය යුත්තේ මෙහි ය. ඉශ්‍රායෙල් උදෙසා දවන යාග පූජාසනය ද තිබිය යුත්තේ මෙහි යැ” යි පැවසී ය. මෙසේ දාවිත්, ඉශ්‍රායෙල් දේශයේ වසන විදේශීන් රැස් කරන්නට නියෝග කළේ ය. දෙවියන්වහන්සේගේ ගෘහය ඉදි කරන්නට කැපූ ගල් පිළියෙල කරන්නට ඔහු ඔවුන් අතරෙන් ගල් වඩුවන් පත් කළේ ය. දාවිත්, ද්වාර-දොරටු සඳහා ඇණ හා උපාංග සාදන පිණිස විශාල ප්‍රමාණයක් යකඩ ද කිරන්නට නො හැකි තරම් ලෝකඩ ද සූදානම් කළේ ය. ගණන් නැති තරමට දේවදාර ලී ද සැපයී ය. මන්ද සීදොන් හා තීර් වාසීහු දේවදාර ලී අති මහත් ප්‍රමාණයක් දාවිත් වෙත ගෙනාහ. මන්ද දාවිත් කීවේ, “මා පුත් සාලමොන් තරුණයි; අත්දැකීම් අඩුයි. ස්වාමින්වහන්සේ උදෙසා ඉදිකරනු ලබන ගෘහය සියලු ජාතීන්ගේ ඇස් හමුවේ අතිශය අලංකාරයෙන් හා කීර්තියෙන් යුතු විය යුතුයි. එනිසා මම ඊට කටයුතු සූදානම් කරමි” කියා ය. මෙසේ දාවිත් තම මරණයට පෙර බොහෝ දේ සූදානම් කළේ ය.

